කොතලාවල රෝහලට අලුත් ආණ්ඩුවෙන් කරන්න යන දේ පාර්ලිමේන්තුවේදී නියෝජ්‍ය ඇමති අරුණ හෙළිකරයි
අද (9) සිකුරාදා පාර්ලිමේන්තුවේදී කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨයේ රෝහල සම්බන්ධයෙන් ඉදිරි කටයුතු පිළිබඳව අජිත් පී. පෙරේරා මන්ත්‍රීවරයා විසින් අසන ලද ප්‍රශ්නයකට නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා පැහැදිලි කිරීමක් සිදු කළේය.
එහිදී අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ,
''ගරු කථානායකතුමනි, ඔබතුමා කිව්වා වගේ, කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨයේ රෝහල ඉතාමත් විශාල සේවයක් කරනවා. ඇත්තටම එතුමා කිව්වා වගේම, සමහර පහසුකම් තාම Underprivileged. අපි දැන් සෞඛ්‍ය ඇමතිතුමාත් සමඟ, සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරී මහත්වරුන් සමඟ සාකච්ඡා වට කිහිපයක්ම පැවැත්වුවා මේ සම්බන්ධව. කොහොමද මේක පාවිච්චි කරලා තවත් රෝහලක් සෞඛ්‍ය පද්ධතියත් එක්ක සම්බන්ධ කරගෙන, කොහොමද අපි මේකේ උපරිම සේවාව අපේ ජනතාව වෙත ලබා දෙන්නේ සහ විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන වෛද්‍ය ශිෂ්‍යයන්ට කොහොමද ඒක ලබා දෙන්නේ කියලා. ඇත්තටම මේ ළඟදීත් අපි ගිවිසුමකුත් අත්සන් කළා, MOU එකකුත්. ජාතික රෝහලේ අපේ හෘද සැත්කම් කරන අංශයේ විශේෂඥ වෛද්‍යවරුත් මේකට සම්බන්ධ වෙලා, මේ පහසුකම් පාවිච්චි කරගෙන තව වැඩිදියුණු කරගන්නේ කොහොමද කියලා. ඒක තමයි ආරම්භය. දැන් සති එකහමාරකට කලින් තමයි ඒ ගිවිසුමත් අත්සන් කළේ. ඒක මුල් පුරාගෙන කොහොමද අනිත් ක්ෂේත්‍රයන්වලටත් යන්නේ කියලා ඉදිරියට කටයුතු කරන්න තමයි අපේ විශේෂ වැඩපිළිවෙළ. ගරු ජනාධිපතිතුමාගේ විශේෂ අවධානයත් යොමු වුණා මේ පසුගිය අයවැය සාකච්ඡාවේදීත්, මේ ආරක්ෂක කොතලාවල රෝහල තවත් කොහොමද හොඳ ස්ථානයකට ගන්නේ කියන එක සම්බන්ධව.''