ප්‍රංශය සහ ස්පාඤ්ඤයේ ලැව් ගින්න පාලනය කරගත් නොහැකි වේ - ලක්ෂ ගාණක් ගෙවල් දොරවල් අතහැර යයි

By Mithu Jul 25, 2026 11:58 PM GMT
Report

ප්‍රංශයේ සහ ස්පාඤ්ඤයේ පාලනය කරගත නොහැකි ලෙස පැතිර යන දැවැන්ත ලැව්ගිනි හේතුවෙන් දෙලක්ෂ පනස්දහසකට (250,000) අධික ජනතාවක් තම නිවාස සහ සංචාරක නිකේතන අතහැර ආරක්ෂිත ස්ථාන වෙත යාමට කටයුතු කර තිබේ.

ස්පාඤ්ඤයේ අගනුවර වන මැඩ්රිඩ් ආසන්නයේ හටගෙන ඇති ලැව්ගිනි පාලනය කිරීමට ගිනි නිවන භටයින් දැඩි උත්සාහයක නිරත වුවද, අවිනිශ්චිත සුළං තත්ත්වයන් හේතුවෙන් ගින්න තවදුරටත් පැතිරීමේ අවදානමක් පවතින බව නිලධාරීන් අනතුරු අඟවයි.

සුළු මොහොතකට පෙර ඉන්දියාවම හොල්ලපු කැරපොතු විරෝධතාවය අවසන් වෙයි - මෙන්න විස්තරේ

සුළු මොහොතකට පෙර ඉන්දියාවම හොල්ලපු කැරපොතු විරෝධතාවය අවසන් වෙයි - මෙන්න විස්තරේ

මැඩ්රිඩ් ප්‍රාදේශීය රජයේ හදිසි කළමනාකරණ ඒකකය සඳහන් කර ඇත්තේ, අගනුවර ආසන්නයේ පවතින ගින්න දැනට ගිනි නිවන භටයන්ගේ පාලන ධාරිතාව ඉක්මවා ගොස් ඇති බවයි.

ස්පාඤ්ඤ අභ්‍යන්තර අමාත්‍යාංශයට අනුව, මෙම ගින්න නිසා මැඩ්රිඩ් කලාපයෙන් හෙක්ටයාර් 10,000කට ආසන්න ප්‍රමාණයක් සහ අසල්වැසි අවිලා පළාතෙන් හෙක්ටයාර් 13,000ත් 15,000ත් අතර ප්‍රමාණයක් විනාශ වී ඇති අතර, එය ප්‍රංශයේ පැරිස් අගනුවර මතුපිට ප්‍රමාණය මෙන් දෙගුණයකටත් වඩා වැඩි විශාලත්වයකි.

මේ වන විට ස්පාඤ්ඤයේ පුද්ගලයින් 70,000ක් ආරක්ෂිතව ඉවත් කර ඇති බව සඳහන් වන අතර, ලැව්ගිනි මැඩපැවැත්වීමේදී ප්‍රමුඛතාවය හිමිවන්නේ මිනිස් ජීවිත බේරා ගැනීමට බව අග්‍රාමාත්‍ය පේද්‍රෝ සැන්චෙස් ප්‍රකාශ කර තිබේ.

අනෙක් පසින් ප්‍රංශයේ Bordeaux නගරයට ආසන්න උප නගරවල දරුණු ලෙස පැතිර යන ලැව්ගිනි හේතුවෙන් දහස් සංඛ්‍යාත පිරිසක් එම ප්‍රදේශවලින් ඉවත් කර ඇත.

ජිරොන්ඩ් සහ ලෑන්ඩ්ස් කලාපවලින් පමණක් මේ දක්වා පුද්ගලයින් 197,000ක් ඉවත් කර ඇති බව ප්‍රංශ අග්‍රාමාත්‍ය සෙබස්තියන් ලෙකෝර්නු ප්‍රකාශ කර තිබේ.

ප්‍රංශ අභ්‍යන්තර කටයුතු අමාත්‍ය ලෝරන්ට් නුනෙස් සඳහන් කළේ ප්‍රංශය පුරා ලැව්ගිනි හේතුවෙන් හෙක්ටයාර් 98,000කට ආසන්න ප්‍රමාණයක් දැවී ගොස් ඇති අතර මීට පෙර මෙවැනි දරුණු තත්ත්වයක් වාර්තා වී නොමැති බවයි.

බෙල්ලන්විල වෙඩි තැබීමක්

බෙල්ලන්විල වෙඩි තැබීමක්

තත්ත්වය දැඩි ලෙස අර්බුදකාරී වීමත් සමඟ ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් විසින් යුරෝපා සංගමයේ සහය ඉල්ලා ඇති අතර, ගිනි නිවීම සඳහා හමුදා ප්‍රවාහන ගුවන් යානා යොදවන ලෙස ද නියෝග කර තිබේ.

මානව ක්‍රියාකාරකම් හේතුවෙන් සිදුවන දේශගුණික විපර්යාසවල ප්‍රතිඵලයක් ලෙස හටගත් දැඩි නියඟය මෙවර ලැව්ගිනි තර්ජනය තවත් තීව්‍ර කිරීමට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත.