ඇමැති විජයදාස රාජපක්ෂ ගෙන් විශේෂ පිරිසකට සහනයක්..

By Sewvandhi May 16, 2022 10:49 AM GMT
Report

කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා ඉදිරි මාස හයක වැටුප් (සියලු දීමනා ද සහිතව) කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට පරිත්‍යාග කිරීමට තීරණය කර ඇත. ඔහු මෙසේ පරිත්‍යාග කිරීමට තීරණය කර ඇත්තේ මේ මාසයේ සිට ලබන ඔක්තෝබර් මාසය දක්වාවූ වැටුප්ය.

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබන රෝගීන්ට අවශ්‍ය ඖෂධ මිලදී ගැනීම සඳහා මාස හයක වැටුප් එම රෝහලේ ගිණුම් අංකයට බැර කරන ලෙස විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට ලිපියක් යොමුකරමින් දැනුම්දී ඇත.

රට මුහුණදී සිටින තත්වය සැලකිල්ලට ගෙන මෙම පරිත්‍යාගය කරන බව හෙතෙම සඳහන් කළේය. මෙම පරිත්‍යාගය සම්බන්ධයෙන් විජයදාස රාජපක්ෂ මහතා කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජී විජේසුරිය මහතාටද දැනුම්දී ඇත

Gallery