“රාජ්‍ය සේවකයාගේ කන පුපුරන්න දුන්නා” - විජයපාල හෙට්ටිආරච්චිගෙන් සැර ප්‍රකාශයක්

Report

වත්මන් ආණ්ඩුව ඉදිරිපත් කළ අයවැය යෝජනා මගින් ජනතාවගේ සහ රාජ්‍ය සේවකයන්ගේ ගැටලුවලට විසඳුම් ලබාදී නොමැති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජයපාල හෙට්ටිආරච්චි මහතා පවසයි.

සමගි ජන බලවේගය අද (23) පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැය පහකට ආසන්න කාලයක් ඉදිරිපත් කළ අයවැය දෙවැනි වර කියවීමටත් පෙර ඊට විරෝධය පළ කරමින් ජනතාව සහ පාර්ශ්ව පාරට බැසීම ඉතිහාසයේ පළමු අවස්ථාවක් බව හෙට්ටිආරච්චි මහතා ප්‍රකාශ කළේය.

පසුගිය අයවැයෙන් ඉදිරිපත් කළ යෝජනාවලින් සියයට 40ක් පමණ තවමත් ක්‍රියාත්මක කර නොමැති බවට ද ඔහු චෝදනා කළේය. ආණ්ඩුව සංඛ්‍යාලේඛන ඉදිරිපත් කළ ද ඒවායේ ප්‍රායෝගික ප්‍රතිඵල ජනතාවට ලැබී නොමැති බව ඔහුගේ අදහස විය.

ගුරුවරුන්ගේ ජීවන වියදම් දීමනා සහ අතිරේක වැටුප් වැඩිවීම් ගැන දැනුම්දීමක් - සංගමයෙන් කළ ඉල්ලීමට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් පිළිතුරු

ගුරුවරුන්ගේ ජීවන වියදම් දීමනා සහ අතිරේක වැටුප් වැඩිවීම් ගැන දැනුම්දීමක් - සංගමයෙන් කළ ඉල්ලීමට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් පිළිතුරු

දේශීය කර්මාන්ත නඟාසිටුවීම සඳහා ආණ්ඩුව ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව ද ප්‍රශ්න කළ හෙට්ටිආරච්චි මහතා, පොහොර සහනාධාරය ලබාදීමේ ගැටලු හේතුවෙන් තේ කර්මාන්තය සහ වී ගොවිතැන අර්බුදයකට මුහුණ දී ඇති බව සඳහන් කළේය.

මෙවර අයවැය රාජ්‍ය සේවකයන්ට අහිතකර බලපෑමක් එල්ල කර ඇති බවත්, ඒ සම්බන්ධයෙන් විරෝධතා සහ වැඩවර්ජන ක්‍රියාමාර්ග ආරම්භ වන බවත් ඔහු පැවසීය. රාජ්‍ය සේවකයන් කළු ඇඳුමින් සැරසී සේවයට පැමිණීම පිළිබඳව ද අදහස් දැක්වූ ඔහු, ඔවුන් මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් ආණ්ඩුව අවධානය යොමු කළ යුතු බව අවධාරණය කළේය.

ඉලෙක්ට්‍රික් වාහනවල බැටරි ඉවත දැමීම ගැන ලොකු අවදානමක් - විද්‍යුත් වාහන මිල අඩු කරන්න අලුත් යෝජනාවක්

ඉලෙක්ට්‍රික් වාහනවල බැටරි ඉවත දැමීම ගැන ලොකු අවදානමක් - විද්‍යුත් වාහන මිල අඩු කරන්න අලුත් යෝජනාවක්

එමෙන්ම, භාණ්ඩ හා සේවා සඳහා බදු පැනවීම හේතුවෙන් ජනතාව දැඩි ආර්ථික පීඩනයකට ලක්ව ඇති බවට ද ඔහු චෝදනා කළේය. උද්ධමනය සියයට 9ක් දක්වා ඉහළ යනු ඇතැයි මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කර ඇති බව සඳහන් කළ හෙට්ටිආරච්චි මහතා, එම තත්ත්වය පාලනය කිරීම සඳහා ප්‍රමාණවත් වැඩපිළිවෙළක් නොමැති බව ද කියා සිටියේය.

අස්වැසුම ප්‍රතිලාභීන් සංඛ්‍යාව අඩු කිරීම හේතුවෙන් අඩු ආදායම්ලාභී පවුල්වල ජීවන තත්ත්වයට බලපෑම් එල්ල වී ඇති බව ද ඔහු පෙන්වා දුන්නේය. තරුණයන්ට රැකියා ලබාදීම සම්බන්ධයෙන් මැතිවරණ සමයේ ලබාදුන් පොරොන්දු ඉටු කිරීමට ආණ්ඩුව අපොහොසත් වී ඇති බවට ද හෙට්ටිආරච්චි මහතා චෝදනා කළේය.

ආණ්ඩුව ජනතාවගේ සැබෑ අවශ්‍යතා පිළිබඳ අවධානය යොමු කරමින් ප්‍රායෝගික අයවැය යෝජනා ඉදිරිපත් කළ යුතු බවත්, දේශපාලන ප්‍රකාශවලට පමණක් සීමා නොවිය යුතු බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

බල්බ් මාරු කරන්න විදුලි කාර්මිකයන් දෙන්නෙකුට මාසෙට ලක්ෂ 20ක් ගෙවලා - ගාල්ල රෝහලෙන් වාර්තා වන විගණන හෙළිදරව්ව මෙන්න

බල්බ් මාරු කරන්න විදුලි කාර්මිකයන් දෙන්නෙකුට මාසෙට ලක්ෂ 20ක් ගෙවලා - ගාල්ල රෝහලෙන් වාර්තා වන විගණන හෙළිදරව්ව මෙන්න

මේ අතර, රාජ්‍ය සේවකයන්ට නිල වාහන ලබා නොදීමෙන් ඇතිවන බලපෑම්, භාණ්ඩ හා සේවා මිල පාලනය කිරීමේ ආණ්ඩුවේ වැඩපිළිවෙළ සහ දූෂණ චෝදනා සම්බන්ධයෙන් ද ඔහු ප්‍රශ්න මතු කළේය.

ආයුධ බලයෙන් පාලනය කළ නොහැකි වූ ජනතාව මර්දනකාරී ක්‍රියාමාර්ග මගින් පාලනය කිරීමට ආණ්ඩුව උත්සාහ කරන බවට ද චෝදනා කළ හෙට්ටිආරච්චි මහතා, දූෂණයට සම්බන්ධ පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය පිළිබඳව ද ප්‍රශ්න කළේය.

සිරිමාවෝට හා චන්ද්‍රිකාට ලිමිනි සමාන කරයි - පොහොට්ටුවේ අලුත් මෙහෙයුමක්

සිරිමාවෝට හා චන්ද්‍රිකාට ලිමිනි සමාන කරයි - පොහොට්ටුවේ අලුත් මෙහෙයුමක්