සැමියාගේ ගමන් බෑගයේ තිබී අල්ලපු ගෙදර නංගීගේ අදහාගත නොහැකි දෙයක් හමුවෙලා..!
ගාල්ල නගරය ආසන්නයේ උපනගරයක පදිංචිකරුවකු වන ඔහු රැකියාව කළේ අගනුවරය. සෑම සති අන්තයේම බිරිඳ සහ දරුවන් දෙදෙනා බැලීමට නිවසට එන ඔහු පැණි රස කෑමක් ගෙන එන්නට අමතක නොකළේය.
ඒ බිරිඳ පැණි රස කෑමට ආසා නිසාය. සැමියා පැමිණි වහාම ඔහුගේ ගමන් මල්ල අවුස්සා ගෙනා පැණි රස කෑම සෙවීමද බිරිඳගේ සිරිතය. ඔහු එන බව දැන ගත් බිරිඳ සහ දරුවෝ මහත් සොම්නසට පත්වූහ.
කොළඹ සිට බසයෙන් පැමිණි ඔහු හන්දියෙන් බැස ත්‍රිරෝද රථයක නැගී ගෙදර ගියේය. ඔහු එනතුරු බිරිඳ සහ දරුවන් උළුවස්ස උඩය. ගත වූ මාසය සැමියාටත් බිරිඳටත් දරුවන්ටත් කල්පයක් තරම් විය. නිවසට පැමිණෙන විටම දෑත් සෝදා ගැනීමට බිරිඳ සියලු කටයුතු සූදානම් කර තිබිණි.
දෑත් සෝදාගෙන නිවසට පැමිණීමෙන් පසු සියල්ලෝම එකි නෙකා බදාගනිමින් සතුටු වූහ. ඔහුට පළමුවෙන්ම අවශ්‍ය වූයේ ඇඟසෝදා ගැනීමටය. ඒ නිසා ඔහු නාන කාමරයට වැදුණේය. මේ අතර බිරිඳ ඔහුගේ ගමන් මල්ල අවුස්සන්න වූවාය.
එහි එක සාක්කුවක තිබී ඇයට හමුවූයේ පැණි රස කෑමක් නොව ඇය කිසි දිනෙක බලාපොරොත්තු නොවූ දෙයකි. එහි තිබුණේ කාන්තාවකගේ යට සායකි. එය අතට ගත් ඇයට ඉවසුම් නැති විය. ඒ සමගම යාබද නිවසේ පදිංචි ඥාති සොහොයුරිය දිව ආවාය.
අක්කේ අයියා ආවද? ඥාති සොහොයුරිය ඇසුවාය. ආව තමයි ඇයි නංගි මොකද? බිරිඳගේ කට හඬේ තිබුණේ ශෝකය හා කෝපය මුසු ස්වරයකි. අක්කේ අයියා එදා ඉල්ලගෙන ගිය බෑග් එකේ මගේ යට සායක් ඇති බලන්න ඒක තියෙනවද කියලා.
ඥාති සොහොයුරියගේ කීම සැබෑවක් බව ඇයට වැටහුණේ එවිටය. ඔහුගේ ගමන් මල්ල අබලන් වීම නිසා එදා කොළඹ යද්දී යාබද නිවසේ ඥාති සොහොයුරියගේ ගමන් මල්ල ඉල්ලා ගෙන ගිය බව ඇයට මතක් විය. හා තිබුණ තමයි ඇය කීවාය.
ඒ සමගම ඇඟ පිස දමමින් සැමියා එනු දුටු ඇයගේ සැකය හා කෝපය පහව ගොස් මුවට නැගුණේ සිනාවකි. මාර වැඩේ තමයි. ඔය සාය දැකල වැඩ පලේ යාලුවොත් මට හිනා වුණා. ඔහු සිනාසෙමින් කීවේය.
මේ තව පොඩ්ඩෙන් මාර වැඩේ තමයි වෙන්නේ. කියමින් ඇය සැමියාට උණු තේ එකක් ගෙනැවිත් දුන්නාය. පවුල් ආරවුලක් වැලකී ගියේ නූලෙනි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |