මාරාන්තික වෛරස් දෙකක් එකට පැතිරෙයි - ලෝක සෞඛ්‍ය සංගමයෙන් ලොව පුරා සිටින සෞඛ්‍ය අමාත්‍යවරුන්ට අනතුරු ඇගවීමක්
ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්ෂික තීරණ ගැනීමේ මහා මණ්ඩල සැසිය ජිනීවා නුවරදී ආරම්භ විය. එහිදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානි Tedros Adhanom Ghebreyesus ප්‍රකාශ කර ඇත්තේ මාරාන්තික හන්ටා වෛරසය සහ ඉබෝලා වෛරසය ව්‍යාප්ත වන්නේ භයානක කාලසීමාවක් තුළ වාර්තාවන නවතම අර්බුදයක් ලෙසයි.එහිදී ඔහු කොංගෝ හි නව ඉබෝලා ව්‍යාප්තිය පිළිබඳව අදහස් දැක්වූ අතර, පසුගිය සති අන්තයේදී ඔහු එය ජාත්‍යන්තර සෞඛ්‍ය හදිසි තත්ත්වයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත.
එමෙන්ම 'MV Hondius' නැමැති සංචාරක නෞකාවෙන් වාර්තා වූ දුර්ලභ හන්ටා වෛරස් ව්‍යාප්තිය පිළිබඳවද ඔහු මෙහිදී සිහිපත් කළේය. ලොව පුරා සිටින සෞඛ්‍ය අමාත්‍යවරුන් සහ ඉහළ පෙළේ නියෝජිතයින්ගේ හමුවකදී අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, මෙම වෛරස් ද්විත්වයේම ව්‍යාප්ත වීම් "අපගේ ගැටලුකාරී ලෝකයේ නවතම අර්බුදයන් පමණක්" වන බවය.
"ගෝලීය ගැටුම්, ආර්ථික අර්බුද, දේශගුණික විපර්යාස සහ ආධාර කප්පාදුවලින් පිරි, දුෂ්කර, අන්තරායකර මෙන්ම බෙදීම් සහිත කාලවකවානුවක අප ජීවත් වනවා," යැයි ඔහු පවසා ඇත. අමෙරිකාවේ ඉවත් වීම සහ දැවැන්ත අරමුදල් කප්පාදුව හේතුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය බෙහෙවින් දුර්වල වී ඇති පසුබිමක මෙවර 2026 ලෝක සෞඛ්‍ය මහා මණ්ඩල සැසිය පැවැත්වේ.
මේ පිළිබඳව අදහස් දැක්වූ ස්විට්සර්ලන්ත සෞඛ්‍ය අමාත්‍ය එලිසබෙත් බව්ම්-ෂ්නයිඩර් ප්‍රකාශ කළේ, ලෝක සෞඛ්‍ය සංවිධානයේ අයවැය සියයට 21 කින්, එනම් ඩොලර් බිලියනයකින් පමණ අඩු වී ඇති අතර රැකියා සිය ගණනක් අහිමි වී වැඩසටහන් සීමා වී ඇති බවය. කෙසේ වෙතත්, මෙම හදිසි අවස්ථාව මධ්‍යයේ වුවද ගැඹුරු ප්රතිසංස්කරණයකට ලක් වීමට ලෝක සෞඛ්‍ය සංවිධානයට හැකි වූ බව ඇය සඳහන් කළාය.
ලක්ෂ 12කට විට්ස් කාර් රථයක් හා රටේ පුරවැසියෙකුට ජීවත් වෙන්න රු.16,690ක්? හැබැයි තෙල් මිල ආයෙත් වැඩි වීමක්? අද ඇවිලුණු පාර්ලිමේන්තුව
ජිනීවා පශ්චාත් උපාධි ආයතනයේ ගෝලීය සෞඛ්‍ය මධ්‍යස්ථානයේ සම-අධ්‍යක්ෂිකා සූරි මූන් පෙන්වා දෙන්නේ, ලෝක සෞඛ්‍ය සංවිධානය මෙම දුෂ්කර කාල පරිච්ඡේදයට සාර්ථකව මුහුණ දී ඇති බවය. මෙම හන්ටා වෛරස් අර්බුදය හරහා, ලෝකයට වඩාත් ඵලදායී, විශ්වාසදායක, අපක්ෂපාතී සහ ස්ථාවර අරමුදල් සහිත ලෝක සෞඛ්‍ය සංවිධානයක අවශ්‍යතාවය මනාව පැහැදිලි වන බව ඇය වැඩිදුරටත් පැවසුවාය.