සුපිරි අට වටයට යන ක්‍රීඩකයා කවුද? දිනන උණුසුම මැද තේරීම් කමිටුවත් අසරණ වෙයි
ආබාධයට ලක්ව සිටින වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ වෙනුවට ආදේශක ක්‍රිඩකයා ලෙස වේගපන්දු යවන්නෙකු නම් කිරිම ප්‍රමාද කිරිමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව තීරණය කර ඇති බව සඳහන්.
ඒ අනුව දැනට ආබාධයට ලක්ව සිටින වනිඳු හසරංගගේ සුවවීම සම්බන්ධයෙන් ද මෙහිදී අවධානය යොමුකර තීරණයක් ගැනීමට තේරීම් කමිටුවේ අවධානය යොමුව ඇති බව ද වැඩිදුරටත් වාර්තා වේ.
කෙසේ වුවත් තවදුරටත් ක්‍රිකට් කළමණාකරිත්වය සහ තේරීම් කමිටුව දීර්ඝ වශයෙන් සාකච්ඡා කරමින් පවතින බව පවසයි.