ශ්‍රී ලංකාවේ ඩොලර් උපයන අයට හදිසි නිවේදනයක්

Dollar to Sri Lankan Rupee Cryptocurrency Money Dollars Budget 2025
By Gagana News Feb 25, 2025 11:30 PM GMT
Gagana News

Gagana News

Report

විදේශ පාර්ශවයන්ට සේවා සපයන හෝ විදේශ විනිමය මෙරටට ගෙන එන ශ්‍රී ලංකාවේ සිටන පුද්ගලයින් 15%ක් දක්වා සේවා අපනයන බද්දක් 2025 අයවැය මගින් නියම කර තිබෙනවා.

විදේශීය පාර්ශවයන් වෙත සේවා සපයන නිදහදස් පුද්ගලයන් සහ විදේශීය පාර්ශවයන්ට සේවා සපයන අනෙකුත් වෘත්තිකයන් මෙම බද්දට යටත් බව සඳහන් වනවා.

2025 අප්‍රේල් 01 වන දින සිට එම විශේෂිත විස්තරය මෙන්ම වෙනත් ඕනෑම විදේශීය මූලාශ්‍ර ආදායමක් සඳහා සියයට 15 ක බද්දක් අය කෙරෙනවා.

බැංකු පද්ධතිය හරහා මුදල් නැවත ශ්‍රී ලංකාවට ගෙන එන්නේ නම් බද්ද අදාළ වේ. විදේශ විනිමය ඉපැයීම් දිරිමත් කිරීම සඳහා මේ දක්වා එවැනි ආදායම් නිදහස් කර තිබුනා.

දේශීය ආදායම් පනතට යෝජනා කර ඇති පුද්ගල ආදායම් බදු සංශෝධන යටතේ, රුපියල් මිලියන 1.8 දක්වා ආදායම බද්දෙන් නිදහස් කර ඇති බව පැවසෙනවා.

රුපියල් 500,000 සඳහා සියයට 6 ක බදු අය කෙරෙන බවද සඳහන්.

කලින් පැවති සියයට 12 ක බද්ද ඉවත් කරනු ලබන අතර ඊළඟ ලක්ෂ 5 කට සියයට 18 ක බදු අය කෙරෙනවා.

විදේශ විනිමය ඉපැයීම් ඉහළ සීමාවකින් තොරව සියයට 6 අනුපාතයට වඩා සියයට 15 ක මට්ටමක පවතිනවා.

සේවා අපනයනය කරන ආයතනවලට බදු අය කරනු ලබන්නේ වියදම් අඩු කිරීමෙන් පසු ලාභ මත පමණයි.

පුද්ගලයන්ට ආදායම් ප්‍රකාශයක් ඉදිරිපත් කර වියදම් අය කිරීමටද උත්සාහ කළ හැකිය බවයි සඳහන් වන්නේ.

ReeCha