තුන් වන මාත්‍රාව ගැන WHO හි තීරණය දැනුම් දේ..?

covid19 WHO vaccination Sinopharm Sinovac
By Sewvandhi Oct 12, 2021 03:08 AM GMT
Sewvandhi

Sewvandhi

Report

පූර්ණ කොරෝනා එන්නත්කරණය ලැබූ වයස අවුරුදු 60 ඉක්ම වූවන්ට තුන්වන වර්ධක මාත්‍රාවක් ලබාදීමට ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කර තිබෙනවා. විශේෂයෙන් චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් සහ සිනොවැක් එන්නත් ලැබූවන්ට ෆයිසර් හෝ මොඩර්නා වැනි එන්නතක් තුන්වන මාත්‍රාව ලෙස ලබාදිය යුතු බවයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥ උපදේශ කමිටුව නිර්දේශ කර ඇත්තේ.

සයිනොෆාම් සහ සිනොවැක් කොරෝනා එන්නත් වෛරසය අඩපණ කර නිෂ්පාදනය කරන අතර, ෆයිසර් සහ මොඩර්නා එන්නත් නිපදවනු ලබන්නේ වෛරසයේ ක්‍රොමසෝම ආකෘතිය යොදා ගනිමින්.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥයන් පෙන්වා දී ඇත්තේ, එලෙස වෛරසය අඩපණ කර එන්නත් ලැබූවන්ට ඩී.එන්.ඒ. හෝ ආර්.එන්.ඒ වැනි ක්‍රොමසෝම එන්නතක් ලබාදීමෙන් ප්‍රතිශක්තිය ඉහළ නැංවිය හැකි බවයි.

මේ අතර, ප්‍රතිශක්තිකරණය දුර්වල පුද්ගලයින් සඳහා ද කොරෝනා එන්නත් තුන් වන මාත්‍රාවක් ලබාදිය යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කර තිබෙනවා. විශේෂයෙන් එන්නත්කරණය ලැබූව ද ඩෙල්ටා වැනි ප්‍රභේද ආසාදනය වීමේ අවස්ථාවක් පැවතීම ඊට හේතුවයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now