සුදු වෑන් මාධ්‍ය සාකච්ඡාව යළි කරළියට එයි..අලුත්ම තත්ත්වය මෙන්න.
පසුගිය යහපාලන කාලයේ දී විශාල වශයෙන් සමාජයේ කතාබහට සහ ආන්දෝලනයකට තුඩු දුන් සුදු වෑන් මාධ්‍ය සාකච්ඡා සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය විසින් නියෝගයක් අද (20) පෙරවරුවේ නිකුත් කර තිබෙනවා.
ඒ මෙම සිද්ධියට සම්බන්ධ වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න සහ මොහොමඩ් රූමිට එරෙහිව ගොනු කර ඇති අදාළ නඩුව කැඳවීම සම්බන්ධවයි.
ඒ අනුව කොළඹ මහාධිකරණය නියෝග කර ඇත්තේ, මෙම නඩුව ගැන සාක්ෂි කැඳවීමට මාර්තු මස 15 වැනි දින නියම කරන ලෙසයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න 2020 වර්ෂයේ ජුනි 10 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ නියෝග කළේ, 2020 වසරේ මැයි මස 27 වැනි දිනයි.
සේනාරත්න මන්ත්‍රීවරයා සම්බන්ධ නඩුව මාර්ගගත වීඩියෝ තාක්ෂණය ඔස්සේ 2020 වර්ෂයේ මැයි මස 27 වැනි දින විභාග කළ අතර, සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරිපත් වී ඇති නඩු ගොනු නිරීක්ෂණය සඳහා හිටපු අමාත්‍යවරයාව තවදුරටත් බන්ධනාගාරගත කිරීමටයි එහිදී නියෝග කෙරුණේ.
ඒ වනවිට පල්ලන්සේ කඳවුරේ රක්ෂිත භාරයේ නිරෝධායන වෙමින් සිටින සැකකාර රාජිත සේනාරත්න අධිකරණය වෙත ඉදිරිපත් නොකර ස්කයිප් තාක්ෂණය ඔස්සේ මහේස්ත්‍රාත්වරිය වෙත ඉදිරිපත් වුණා.
මෙම සිද්ධියට අදාළව ඇප අවලංගු වු සැකකාර හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න 2020 වර්ෂයේ මැයි 13 වැනිදා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත ගොස් භාරවීමෙන් අනතුරුවයි එලෙස රක්ෂිත බන්ධනාගාර භාරයට පත් වුණේ.
මෙම සිද්ධියට අදාළව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය සැකකාර රාජිත සේනාරත්නට ඇප දෙනු ලැබුවේ ඉකුත් 2019 දෙසැම්බර් මස 30 වැනි දින වන අතර, පසුව එම ඇප නියෝගය බලරහිත කරමින් කොළඹ මහාධිකරණය එම වසරේ මැයි 13 වැනිදා සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියම කළා.
සුදු වෑන් මාධ්‍ය සාකච්ඡාව පවත්වා මෙරට දණ්ඩ නීති සංග්‍රහ පනත සහ ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ පනත යටතට ගැනෙන වරදක් සිදු කළ බව සැලකෙන සිද්ධිය සබන්ධයෙන් එවක හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න වහාම අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ශනෙලුම්දෙණිය මුලින්ම විවෘත වරෙන්තු නිකුත් කළේ.
ඒ 2019 වර්ෂයේ දෙසැම්බර් මස 20 වැනිදා යි.
පසුව, නාරාහේන්පිට පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී සැකකාර හිටපු අමාත්‍යවරයා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබූ අතර, පසුව රෝහලෙන් ප්‍රතිකාර ලබමින් සිටියදීම කොළඹ මහේස්ත්‍රාත්වරිය සැකකරුට ඇප ලබා දුන්නේ 2019 දෙසැම්බර් මස 30 වැනිදායි.
හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න, මෙම සිද්ධියේ තෙවැනි සැකකරු වන අතර, මෙහි පළමු, දෙවැනි සහ සිව්වැනි සැකකරුවන් වූයේ, ඩබ්ලිව්. ජී. අතුල සංජීව මදනායක නොහොත් “උණ්ඩියල් අතුල",එස්. ඩබ්ලිව්. ඒ. සරත් කුමාර සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ආචාර්ය මොහොමඩ් කාසිම් මොහොමඩ් රූමි යන අයයි.
මෙම ආන්දෝලනාත්මක සිද්ධිය සම්බන්ධයෙනුයි සාක්ෂි විමසීම සඳහා මාර්තු මස 15 වැනි දිනට අධිකරණය මගින් අද (20) දින නියම කෙරුණේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
