මුලින් ආවේ කුකුළද? බිත්තරේද? - ඔන්න උත්තරේ හම්බෙලා... (PHOTO)
අපි දන්නවා හැමෝටම තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි "මුලින්ම ආවේ කුකුළාද ,බිත්තරයද?"
මේක බැලු බැල්මට සරල ප්‍රශ්නයක් වගේ පෙනුනත් මේකට උත්තර දෙන්න නම් විද්‍යාත්මක, පරිණාමයීය හා දාර්ශනික කියන හැම පැත්තක් ගැනම අවධානය යොමු කරන්න වෙනවා.
මුලින්ම අපි "බිත්තරය" කියන්නේ මොකක්ද කියලා බලමු.
බිත්තර කියන්නේ ගොඩක් සත්තු,කුරුල්ලෝ ,සර්පයෝ, කීටයෝ වගේම තවත් සත්ව වර්ග, පැටවුන් බිහිකරන ක්‍රමයක්.
මේ බිත්තර, වසර මිලියන 300කටත් වැඩි කාලයකට කලින්ම පරිණාමය වුණා. ඒ වගේම ලිංගිකව ප්‍රජනනය කරන සත්වයන් බොහෝ විට බිත්තර නිපදවනවා.
අපි දැන් බලමු කුකුළන් ගැන. කුකුළන් කියන්නේ ගෘහාශ්‍රිත සත්ව වර්ගයක්.
ඔවුන් පරිණාමය වුණේ මිනිසුන් විසින් වල් කැලෑ කුකුළන්ව විශේෂයෙන්ම රතු කැලෑ කුකුළා තෝරාගෙන පරම්පරාවෙන් පරම්පරාවට බෝ කරපු නිසයි. මෙම ක්‍රියාවලිය වසර 10,000කට පමණ පෙර ආරම්භ වුන දෙයක්.
ඒ කාලයේ හිටියේ වල් කැලෑ කුකුළන් විතරයි කුකුළන් හිටියේ නැහැ.
මිනිසුන් විශේෂ සතුන් උදාහරණයක් විදිහට මෘදු විදිහට හැසිරීම, වඩා බිත්තර දමන හැකියාව , අධිජනනය වගේ ගුණාංග සහිත සතුන් තෝරා ගැනීමට මුල්වුණා.
මෙහෙම යද්දී කාලයත් එක්ක, වල් කැලෑ කුකුළන් දෙන්නෙක්ගේ බිත්තරයකින් ඉපදුණු පැටවා දෙමව්පියන්ගෙන් ජානමය වශයෙන් විශේෂිතව වෙනස් වෙලා ඉපදුණා.
මේ පැටවා තම වර්ගයේ නව මට්ටමක්, අද අපි "කුකුළා" කියන සත්වයා විදිහට පරිණාමය වුණා.
ඒ පරිණාමය නව විශේෂයක් බවට පත් වෙන්න දිගු කාලයක්, පරිසරික බලපෑම්, සහ ජානමය වෙනස්වීම් මුලික වුණා.
එයින් පසුව කුකුළා, තම දෙමව්පියන් වගේ වල් කැලෑ කුකුළෙක් නොවී , අලුත්ම විශේෂයක් වුණා.ඒත් ඒ කුකුළා උපන්නේ කැලෑ කුකුළන් දෙදෙනෙකුගේ බිත්තරයකින්.
මේ නිසා මේ ප්‍රශ්නයට උත්තර විදිහට කියන්න වෙන්නේ, කුකුළා පරිණාමය වුණේ බිත්තරයකින්.
ඒ කියන්නේ, කුකුළා වුනු පළමු සත්වයා කැලෑ කුකුළන් දෙදෙනෙකුගේ බිත්තරයක උපන් නිසා, කුකුළා කියන්නේ ජානමය වශයෙන් වෙනස් වුන සත්වයෙක්.
ඊට අනුව අවසානයට අපිට කියන්න තියෙන්නේ මුලින්ම ආවේ " බ්ත්තරෙයි".


