අධිකරණයට යන සබරගමුව විශ්ව විද්‍යාල සිසුන් (PHOTO)

Report

සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ දෙවන වසරේ සිසුවාට නවක වදය ලබා දීම සම්බන්ධයෙන් පසුගිය අප්‍රේල් 29 වැනිදා සමනලවැව පොලීසියට පැමිණිල්ලක් ලැබී ඇති බවද වාර්තා වේ.

ලැබුණු පැමිණිල්ලට අදාළව, ඉදිරි විමර්ශන ක්‍රියාත්මක කිරීමට මැයි 3 වැනිදා වැඩබලන පොලිස්පතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත නියෝග කර ඇත.

ඊට අනුව සබරගමුව විශ්වවිද්‍යාලයේ තෙවන වසරේ අධ්‍යාපනය ලබන විද්‍යාර්ථයින් සිව් දෙනෙකු මැයි 4 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කළේය.

ඓතිහාසික සංගීත ප්‍රසංගයකට එල්ල වීමට ගිය බෝම්බ ප්‍රහාරය

ඓතිහාසික සංගීත ප්‍රසංගයකට එල්ල වීමට ගිය බෝම්බ ප්‍රහාරය

සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ දෙවන වසරේ සිසුවාට නවක වදය දුන් බවට ඇති සැකය මත, එම විශ්වවිද්‍යාලයේ තෙවන වසර විද්‍යාර්ථයින් හතර දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඔවුන් අද (මැයි 5) දිනයේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. අත්අඩංගුවට ගෙන ඇති එම විශ්වවිද්‍යාල සිසුන් මැයි 5 වැනිදා (අද) බලංගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලීසිය පවසයි. 

GalleryGallery