ත්‍රීරෝද ගාස්තු වැඩි කරන්න - ත්‍රීරෝද රථ හිමියන්
පෙට්‍රල් මිල රුපියල් 12කින් ඉහළ යාම හමුවේ ත්‍රීරෝද රථ ගාස්තු සංශෝධනය කිරීමේ අවශ්‍යතාව ජාතික ඒකාබද්ධ ත්‍රීරෝද රථ රියදුරන්ගේ හා කර්මාන්තකරුවන්ගේ සංගමය අවධාරණය කර තිබේ.
එහි ප්‍රධාන ලේකම් රෝහණ පෙරේරා මහතා පවසන්නේ, පවතින වියදම් හමුවේ දෙවන කිලෝමීටරය සඳහා අය කරන ගාස්තුව රුපියල් 10කින් ඉහළ දැමිය යුතු බවයි.
මීට අමතරව, වෘත්තීය මට්ටමින් ත්‍රීරෝද රථ ධාවනය කරන රියදුරන් සඳහා දැනට ලබාදෙන ඉන්ධන කෝටාව (Fuel Quota) ප්‍රමාණවත් නොවන බැවින් එය ඉහළ නැංවීමට කටයුතු කරන ලෙස ද සංගමය රජයෙන් ඉල්ලා සිටී.