WhatsApp එකෙන් කරන්න හදන අලුත්ම වැඩේ මේන්න

whatsapp sinhala gossip srilanka news sinhalanews whatsapp updates
By Gagana Nov 07, 2021 01:12 PM GMT
Gagana

Gagana

Report
261 Shares

‌මේ වන විට WhatsApp ආයතනය විසින් WhatsApp සඳහා නව විශේෂාංග කිහිපයක්ම එළිදැක්වීමට කටයුතු කරමින් සිටින අතර ඒ අතරින් විශේෂාංග කිහිපයක් පිළිබඳව මීට පෙර අප ඔබව දැනුවත් කිරීමටද කටයුතු කරනු ලැබුවා.

WhatsApp ආයතනය විසින් WhatsApp යෙදුම සඳහා Community නමින් නව විශේෂාංගයක් හඳුන්වා දීමට සූදානම් වී ඇති බව නවතම වාර්ථා මගින් හෙළි වී ඇත. මීට මසකට පමණ පෙර XDA Developers මාධ්‍ය මෙවැනි විශේෂාංගයක් පිළිබඳව අන්තරජාලයට තොරතුරු වාර්ථා කළ අතර මේ වන විට ඒ පිළිබඳව යම් සනාථ කිරීමක් සහිතව WABetaInfo වෙබ් අඩවිය මෙම විශේෂාංගය පිළිබඳව නවතම වාර්ථාවක් ඉදිරිපත් කර තිබුණා.

මෙම WhatsApp Community විශේෂාංගයේදී Group Admin වරුන් හට වැඩි බලයක් ලබා දෙමින්, සාමාන්‍ය WhatsApp සේවාව තුළම කාණ්ඩ වශයෙන් කුඩා කණ්ඩායම් නිර්මාණය කිරීමට මෙම Community විශේෂාංගය හරහා හැකියාව ලැබෙනවා.

Admin වරුන් හට Invitation Link එකක් හරහා පරිශීලකයින්ට Community සඳහා ආරාධනා කිරීමේ හැකියාව මෙම විශේෂාංගයේදී ලැබී තිබෙනවා.

වාර්ථා වලට අනුව WhatsApp Groups හි අතුරුමුහුණතට සමාන අතුරුමුහුණතක් ඇති මෙම විශේෂාංගයේ Community Icon වටකුරු අග්‍රස්ථ සහිත කොටු හැඩයක් ගනී.

මේ පිළිබඳ සවිස්තරාත්මක විස්තරයක් තවමත් ලැබී නොමැති අතර මෙම විශේෂාංගය ලබා දෙන නිශ්චිත දිනයක් තවමත් ප්‍රකාශ කිරීමේ හැකියාවක් නොමැති බවටද විදෙස් මාධ්‍ය වාර්ථා කර තිබුණා.

කෙසේවෙතත් නුදුරේදීම WhatsApp Beta පරිශීලකයින් සඳහා මෙම විශේෂාංගය සහිතව නව සංස්කරණයක් හඳුන්වා දීමට ඉඩකඩ ඇති අතර මෙම විශේෂාංගයේ යම් යම් වෙනස්කම්ද ඇති වීමට අවස්ථා ඇත.



GalleryGallery
ReeCha