WhatsApp අලුත් වෙයි - පරිශීලකයින්ට හඳුන්වාදෙන අලුත්ම පහසුකම මෙන්න.
පසුගිය මාස කිහිපය පුරාවට Meta සමාගම WhatsApp වෙත අලුත් පහසුකම් රැසක් ලබා දෙන ලදී.
මේ වන විට WhatsApp හරහා නව පහසුකමක් හදුන්වා දීමට එම සමාගම තීරණය කර තිබෙනවා.
WhatsApp Groups වල මේ වන විට Message යැවීම පාලනය කිරීමට හැකියාව ලබා දී තිබුණේ Admins සඳහා පමණක් වේ.
නමුත් වෙනත් අයෙකුට අත්‍යාවශ්‍යම කරුණක් සඳහා යම් පණිවිඩයක් WhatsApp Group එකට යොමු කළ යුතු නම් එය Admin කෙනෙකුට Private යවා ඔහු ලවා එය Group එකට යොමු කළ යුතු වේ.
නමුත් එයට Meta සමාගම විශේෂ පහසුකමක් හදුන්වා දී තිබෙනවා.
ඒ Group Settings වල Toggle එක on කිරීමෙන් පසු ඕනෑම පුද්ගලයෙකුට පණිවිඩ යොමු කළ හැකි වේ.ඒවා වෙනම ස්ථානයක Adminට පමණක් පෙන්වන බව සඳහන් වේ.
ඔවුන් විසින් එය Approve කළ පසුව සාමාන්‍ය පණිවිඩයක් ආකාරයෙන්ම එය Group Chat එකෙහි දිස් වේ.
කෙසේ වෙතත්, දැනට මෙම පහසුකම ලොව පුරා තෝරාගත් Meta පරිශීලකයන් සඳහා පමණක් ලබා දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
එය ඉතා ඉක්මනින් Public Versions එකක් ලෙස ලබා දෙන බව එම ආයතනය සඳහන් කළේ ය.
