බය නැතුව ඉන්න ටික දවසකින් ඔයාලට හිමි තැන ලැබෙයි.. ලාල්කාන්ත හිටපු මන්ත්‍රීවරුන්ට කියපු දේ..

Parliament of Sri Lanka National Peoples Party Sri Lanka Politician Sri Lanka Sri Lanka Government
By Piyumika Oct 03, 2024 05:20 PM GMT
Piyumika

Piyumika

Report

තමන්ගේ දූෂණ වංචා හෙළි කරන ලෙස ඉල්ලා සිටින හිටපු මන්ත්‍රීවරුන් ඇතුළු කණ්ඩායමට තමන්ට හිමි තැන ලැබෙන තෙක් ඉවසිල්ලෙන් සිටින ලෙසත් ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට මෙතෙක් තිබුණු බාධක ඉවත් කර ඇති බැවින් රාජ්‍ය යාන්ත්‍රණය මේ වනවිටත් ස්වාධීනව ක්‍රියාත්මක වෙමින් ඇති බවත් ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික ලාල් කාන්ත පැවසුවේය.

හිතුවෙවත් නැති වෙලාවක ගුවන්තොටුපොළක වළ දමා තිබූ බෝම්බයක් පුපුරා ගිය හැටි..(VIDEO/PHOTOS)

හිතුවෙවත් නැති වෙලාවක ගුවන්තොටුපොළක වළ දමා තිබූ බෝම්බයක් පුපුරා ගිය හැටි..(VIDEO/PHOTOS)

ඔහු පැවසුවේ ප්‍රාදේශීය සභා නැති පළාත් සභා නැති පාර්ලිමේන්තුවක් නැති රට මේ වනවිට දිවෙන්නේ මහජන නියෝජිතයන් 03 දෙනෙකුගෙන් බවය.

මහ මැතිවරණය අවසන් වන තෙක් මේ රට කළමනාකරණය කිරීමේ වගකීම සහිතව වැඩ කරන මෙම මහජන නියෝජිතයන් තුන් දෙනා දැනටමත් දූෂණ වංචා විමර්ශන සම්බන්ධව ජාතික ජන බලවේග ආණ්ඩුවේ මූලික වැඩ පිළිවෙළ දියත් කර ඇතැයි ද ලාල් කාන්ත කීවේය.

පාසල් වියේදීම පවුලේ බර කරටගත් ඔහු අද යන්නම ගිහින්..

පාසල් වියේදීම පවුලේ බර කරටගත් ඔහු අද යන්නම ගිහින්..

අද මහනුවර යටිනුවර වීදයේ ඩෙවෝන් රෙස්ට් හි පැවති මාධ්‍ය හමුවක් අතර මාධ්‍යවේදියෙක් අසූ ප‍්‍රශ්නයකට පිළිතුර දෙමින් ඔහු මේසේ කීවේය. ඒ වෙනුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක වෙයි. පොලිසිය ක්‍රියාත්මක වෙයි. ඒ නෙකුනෙක් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව ක්‍රියාත්මක වෙයි. ඒ වෙනුවෙන් රාජ්‍ය ආයතන පද්ධතියම හරි ආකාරයෙන් ක්‍රියාත්මක වේවි. ඒ රාජ්‍ය ආයතන පද්ධතියටම තිබ්බ බාධා දැන් අපි ඉවත් කරලා තියෙන්නේ. අලුත් බලධාරීන් පත් කරලා තියනවා ඒ හැම කෂේත්‍රයකටම. ඒ නායක මණ්ඩල විසින් මේ කටයුත්ත ඉතාම නිවැරදිව කරනව ආරම්භ කරලා තියනවා.

අභියෝග කරන අයට ටික දවසකින් ඒ ගොල්ලන්ට හිමි තැන ලැබෙයි.

හොයාගෙන ගියේ වෙන දෙයක් ඒත් හම්බවෙලා තියෙන්නේ වෙනම දෙයක්..

හොයාගෙන ගියේ වෙන දෙයක් ඒත් හම්බවෙලා තියෙන්නේ වෙනම දෙයක්..

ලංකාවේ පළවෙනි වතාවට අපි බැලුවොත් මහජන නියෝජිතයො ලංකාවටම ඉන්නේ තුන්දෙනයි. මේක කවද‍ාවක්වත් වෙලා නෑ. දැන් නගර සභා ප්‍රදේශීය සභා නියෝජිතයො නෑ. පළාත් සභා නියෝජිතයො නෑ .

පාර්ලිමේන්තුවකුත් නෑ මහ ජන නියෝජිතයො තුන් දෙනෙක් තමයි මේ රට කරන්නේ. තුන් දෙනෙකුට කරන්න පුලුවන් මේ රට තාවකාලිකව ඊලඟ මහ මැතිවරණය ජයග්‍රහණය ලබලා ඇමත්වරු 25ක්, නියෝජ්‍ය ඇමතිවරු 25ක් සහිතව පාලනයක් ගොඩනගන තෙක් මේ රට කළමනාකරණය කරගෙන ඉස්සරහට යන්න.

“ඒ කළමනාකරණය අතරත් අපි උත්සාහ රකනවා ජනතාව ඉල්ලා සිටින ඇතැම් දේවල් ඉෂ්ඨ කරලා දෙන්න.”