නොරොච්චෝලේ MW 300ක ජනන යන්ත්රය ලබන 22 වෙනිදා පද්ධතියට -ජාතික පද්ධති ක්රියාකරුගෙන් හදිසි ප්රකාශයක්
නොරොච්චෝලේ ලක්විජය බලාගාරයේ එක් ජනන යන්ත්රයක් අද (21) දිනයේ ජාතික පද්ධතියට එක් කර ගැනීමට සැලසුම් කර ඇති බව, ජාතික පද්ධති ක්රියාකරු සමාගම සදහන් කර තිබේ.
දැනට පද්ධතියේ පවතින විදුලි ජනන ධාරිතාව මෙගාවොට් 2,500ත් 2,600ත් අතර වන අතර, රාත්රී කාලයේ උපරිම විදුලි ඉල්ලුම මෙගාවොට් 2,800ක් පමණ වනු ඇතැයි පුරෝකථනය කර තිබේ. නොරොච්චෝලේ ජනක යන්ත්රයක් ලබන 22 වැනිදා වන විට යළි පද්ධතියට එක් කිරීමට අපේක්ෂා කරන බැවින් එතෙක් මෙම විදුලි කළමනාකරණ වැඩපිළිවෙළ ක්රියාත්මක කරන බවද බුද්ධික සමරසිංහ මහතා වැඩිදුරටත් සදහන් කරයි
එමගින් ජාතික පද්ධතියට එක් කෙරෙන විදුලි ධාරිතාව මෙගාවෝට් 300 කි මේ අතර අදත් රට කලාප හතරකට බෙදා විදුලිය සැපයුම කළමණාකරණයට සැලසුම් කර ඇත.
ඒ අනුව සවස 4.30ත් රාත්රී 8.30ත් අතර කාලයේ එම කලාපවල විදුලි සැපයුම අත්හිටුවා තිබේ
හදිසි විදුලිය බිඳ වැටීමක් සමග නොරොච්චෝලේ බලාගාරය අක්රීය වීමෙන් රට තුළ විදුලි කළමණාකරණයට පියවර ගැණුනේ පෙරේදා දිනයේ සිටයි.
නොරොච්චෝලේ බලාගාරය අක්රීය වීම හේතුවෙන් ජාතික පද්ධතියට අහිමි වූ මෙගාවොට් ප්රමාණය 810 කි .