දරුණු ලෙස ලංකාවේ මුහුඳ රළු වෙයි - ධීවර සහ නාවික ප්‍රජාවට විශේෂ දැනුම්දීමක්

Report

රළු මුහුදු ප්‍රදේශ පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. ඒ කන්කසතුරය සිට කල්පිටිය, කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහායි.

මෙම නිවේදනය අද (21) පෙ.ව. 04.15 ට නිකුත් කර ඇති අතර එය අද ප.ව. 10.15 වන තෙක් වලංගු වේ.

එම නිවේදනයේ දැක්වෙන්නේ කන්කසන්තුරය සිට කල්පිටිය, කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ වල ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි.

පැය 42කට ජල සැපයුම අත්හිටුවයි - මේ ප්‍රදේශවල ජනතාව වහාම වතුර රැස්කරගන්න - ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයෙන් නිවේදනයක්

පැය 42කට ජල සැපයුම අත්හිටුවයි - මේ ප්‍රදේශවල ජනතාව වහාම වතුර රැස්කරගන්න - ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයෙන් නිවේදනයක්

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං (පැ.කි.මී. 60-70) ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැකියි.

එබැවින් එම මුහුදු ප්‍රදේශ වල සිය කටයුතු වල යෙදෙන ධීවර සහ නාවික ප්‍රජාව මේ පිළිබඳව අවධානයෙන් කටයුතු කරන මෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කාරුණිකව ඉල්ලා සිටියි.

වාහන අංක තහඩු හා රියදුරු බලපත්‍ර ගැන විශේෂ නිවේදනයක් - ඉදිරි මාස හය තුළ වෙන්න යන වෙනස මෙන්න

වාහන අංක තහඩු හා රියදුරු බලපත්‍ර ගැන විශේෂ නිවේදනයක් - ඉදිරි මාස හය තුළ වෙන්න යන වෙනස මෙන්න