පාසල් වියේදීම පවුලේ බර කරටගත් ඔහු අද යන්නම ගිහින්..

Sri Lanka Accident Death School Children
By Piyumika Oct 03, 2024 01:27 PM GMT
Piyumika

Piyumika

Report

මෝටර් රථ තාක්ෂණ ශිල්පය හදාරමින් සිටි සිසුවෙක් ඔහු පුහුණු වූ බස් රථයටම යටවී මරණයට පත්වූ පුවතක් ආණමඩුවෙන් වාර්තා වෙයි.

ආණමඩුව කාර්මික විද්‍යාලයේ මෝටර් රථ තාක්ෂණ ශිල්පය පාඨමාලාව හදාරමින් සිටි සිසු‍වෙකු අදාළ පුහුණුවීම්වලට යොදා ගත් බස් රථයටම යටවී බරපතළ ලෙස තුවාල ලබා ආණමඩුව මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු අද (03) දින මරණයට පත්වූ බව ආණමඩුව පොලීසිය පවසයි.

දයාසිරිගෙන් පුටුවට බලපෑම් ..නාම යෝජනා ලබා දුනහොත් බලා ගන්නම්ලු..

දයාසිරිගෙන් පුටුවට බලපෑම් ..නාම යෝජනා ලබා දුනහොත් බලා ගන්නම්ලු..

මෙලෙස මියගොස් ඇත්තේ, ආණමඩුව මහ උස්වැව ප්‍රදේශයේ පදිංචි චාමික ප්‍රභාත් ප්‍රනාන්දු නමැති 17 හැවිරිදි සිසුවෙකි.

අදාළ බස් රථය කාර්මික විද්‍යාල භූමියේ තබා අලුත්වැඩියා (වයරින්) කටයුත්තක් සඳහා යොමුකර වෙනත් ස්ථානයකට රැගෙන යමින් සිටියදී එයට හදිසියේ නැඟීමට ගොස් ලිස්සා යාමෙන් මෙම සිසුවා බිම ඇඳවැටී ගමන් කරමින් තිබූ බස් රථයටම යටවී තිබුණි. බරපතළ ලෙස තුවාල ලැබූ සිසුවාව ආණමඩුව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.

ඔබේ දරුවත් අවුරුදු 5ත් 12ත් වයස් කාණ්ඩය අතරද?..එහෙනම් බලාගෙන..

ඔබේ දරුවත් අවුරුදු 5ත් 12ත් වයස් කාණ්ඩය අතරද?..එහෙනම් බලාගෙන..

දැඩි ආර්ථීක අපහසුතා මැද ජීවිතය ජයගැනීමේ අරමුණින් කටයුතු කළ වාමික සිය පවුලේ බර කරටගත් වැඩිමහල් දරුවා විය. ස්ථිර රැකියවක් නොමැති ඔහුගේ පියාත්, රෝගාතුරව සිටින ඔහුගේ මවත්, බාල සොහොයුරාවත් රැකබලා ගනිමින් චාමික කුලී නිවසක දිවි ගෙවා තිබුණි. චාමික මෝටර් රථ තාක්ෂණ ශිල්පය මැනවින් හදාරමින් එහි සුවිශේෂී දක්ෂතා දැක්වූ සිසුවෙකු බව කාර්මික විද්‍යාලයේ ගුරුවරුන් පවසන අතර ඔහුගේ දක්ෂතා නිසාම එම පාඨමාලාව අවසන් වීමෙන් පසු ඔහු එම ආයතනයේම රැකියාවක් සඳහා බඳවා ගැනීමටද සැලසුම් කර තිබූ බව පැවසෙයි.

පොලිසියෙත් වැඩ.. වෙලාවට අතේ පච්චයක් කොටලා තිබ්බේ නැත්තේ..

පොලිසියෙත් වැඩ.. වෙලාවට අතේ පච්චයක් කොටලා තිබ්බේ නැත්තේ..

විවිධ අවස්ථාවලදී තම දෑතින්ම අලුත්වැඩියා කරන ලද බස් රථයටම යටවී මෙලෙස ජීවිතයට සමුදීමට චාමිකට සිදුවීම හද කම්පා කරවන සිදුවීමකි.

මෙම අනතුර සම්බන්ධයෙන් බස් රථ රියදුරා අත්අඩංගුවට ගෙන ඇති අතර බස් රථය ආණමඩුව පොලීසිය භාරයට ගෙන ඇත. සිද්ධිය සම්බන්ධයෙන් ආණමඩුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.