අරගලයෙන් පසු නේපාලයට වෙච්ච දේ, ලෝකෙම අතාරියි
නේපාලයේ පැවැති ගැටුම්කාරී තත්ත්වය නිසා එරට සංචාරක අංශයට බලපෑම් එල්ල වී ඇති බව සඳහන්.
ඒ අනුව විදෙස් මාධ්‍ය වාර්තා කරන ආකාරයට නේපාලයේ සංචාරක පැමිණීම 30% කින් පහත වැටී තිබෙනවා.
එසේම නේපාල සංචාරක අධිකාරිය, හෝටල් හිමියන් සහ සංචාරක සංවිධායකයින් ඉකුත් වසරේ මෙම කාලයට වඩා සංචාරක පැමිණීම් 30% කින් පහත වැටී ඇති බවත්, ඇතැම් සංචාරක වෙන්කර ගැනීම අවලංගු කර ඇති බවත් පවසා ඇත.
මේ අතර කත්මණ්ඩු නුවර කාර්යබහුල සංචාරක මධ්‍යස්ථාන, සාප්පු, සහ අවන්හල් පාළුවට ගොස් ඇති බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.
ඉකුත් දිනවලදී නේපාලයේ පැවැති විරෝධතා නිසා ජීවිත 72ක් අහිමි වී ඇත. එම පිරිස අතර 59ක් විරෝධතාකරුවන් වන අතර, රැඳවියන් 10ක් හා පොලිස් නිලධාරීන් 3ක් ඇතුළත් වේ.
පසුගියදා නේපාලයේ කත්මණ්ඩු අගනුවර පාර්ලිමේන්තුව අසලදී විරෝධතා ආරම්භ වූයේ සමාජ මාධ්‍ය ජාලා 26ක් තහනම් කිරීමට රජය ගත් තීන්දුවට විරෝධය දක්වමින්.
ඒ අනුව සමාජ මාධ්‍ය වාරණයට එරෙහිව මෙසේ එරට තුළ වීථි බැස විරෝධතාවේ නිරතවූ පිරිසෙන් බහුතරය අලුත් පරම්පරාවට අයත් නව යොවුන් තරුණ තරුණියන් වූ බව වාර්තා වුණා.