නිෂ්පාදනාගාර සමගින් මත්ජාවාරම් කරුවන් 21 කට වෙච්ජ දෙයක් ?...

Police Drug
By Thaya Feb 11, 2021 07:40 PM GMT
Thaya

Thaya

Report

දැරණියගල , නිවිතිගල ,කිතුල්ගල ,දෙහිඹ්විට හා රත්නපුර යන ප්‍රදේශවල කළ සෝදිසි මෙහෙයුමකදි නීති විරෝධී මත්පැන් ජාවාරමේ නිරත සැකකරුවන් 21 ක් දෙනෙකු කොටුකර රුපියල් තුන් ලක්ෂ විසිපන් දහසක් වටිනා මත්පැන් තොගයක් මධ්‍යම පලාත් සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් මත්පැන් තොගයේ කසිප්පු ස්ප්‍රීතු මිලි ලීටර් 70 000 ක් ,ගෝඩා ලිටර් 1200 ක් ,බැරල් 18 ක්,දගර 4 ක් තිබු බව මධ්‍යම පලාත් සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති ,ප්‍රධාන සුරාබදු පරීක්ෂක නාලක මලවි පතිරණ මහතා පවසයි. මධ්‍යම පලාත් සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් කණ්ඩායම් දෙකක් කළ සෝදිසි මෙහෙයුමේදී කසිප්පු නිෂ්පාදනාගාර හතරක් ,කසිප්පු ළගතබාගෙන සිටි 15 ක් ,රජයේ අරක්කු අලෙවි කරන එක් සැකකරුවකු හා රා අලෙවි කරන ස්ථානයක් කොටු කර ගැනීමට සුරාබදු නිලධාරින් සමත්වී ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් ඉදිරියේදී රත්නපුර ,රුවන්වැල්ල ,අවිස්සාවේල්ල යන මහේස්ත්‍රාත් අධිකරණ වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. මධ්‍ය පලාතභාර සහකාර සුරාබදු කොමසාරිස් උපුල් සෙනෙවිරත්න, සුරාබදු අධිකාරී තිස්ස ගුණරත්න යන මත්වරුන්ගේ උපදෙස් මත, මධ්‍යම පලාත් සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති, ප්‍රධාන සුරාබදු පරීක්ෂක නාලක මලවි පතිරණ මහතාගේ අධීක්ෂණය යටතේ සුරාබදු පරීක්ෂකවරුන්වන අනුර අලුත්ගේ,උදය එදිරිසිංහ,සැරයන් (843) ජයලත්,කෝප්‍රල්( 674) පතිරණ,නියාමකවරුන්වන ( 1052) තරිදු , (1053) සංඛ,රියදුරු බණ්ඩාර ,ජගත් යන නිලධාරීහු මෙම වැටලීම සිදු කළහ.

GalleryGalleryGallery