බිරිඳක් සිය සැමියා ගෙන් ඇත්තටම බලාපොරොත්තු වෙන්නේ මොනවාද?

Love
By Thaya Jan 31, 2021 06:01 PM GMT
Thaya

Thaya

Report

සැමියා හා බිරිඳ එකිනෙකා බොහෝ සමාන දේවල් අන් අයගෙන් බලාපොරොත්තු වෙනවා වෙන්න පුළුවන්.

නමුත් ඔවුන්ගේ සම්බන්ධතාවය තුල තත්වය ඇත්තටම වෙනස්.

තෘප්තිමත් සම්බන්ධතාවයක් පවත්වා ගැනීම සදහා සැමියා හා බිරිඳ එකිනෙකා ඔවුන් ගෙන් වෙනස් දේවල් බලාපොරොත්තු වෙනවා.

මේ අතරින් අපි බිරිඳක් සිය සැමියා ගෙන් ඇත්තටම බලාපොරොත්තු වෙන්නේ මොනවාද කියලා දැනුවත් වෙමු.

සැමියනි ඔබේ බිරිඳට ආදරය හා ප්‍රසංසාව වැඩියෙන් දැනෙන්න දෙන්න නම් ඇයගේ මේ දේවල 10 ගැන ගොඩාක් සැලකිලිමත් වෙන්න.

ඒ ‌දේවල් ඇයට ලබා ‌දෙන්න.

බිරිඳක් සිය සැමියා ගෙන් ඇත්තටම බලාපොරොත්තු වෙන්නේ මොනවාද?

1. ඇයට නිතර ආදරය දැනෙන්න ‌දෙන්න

හැම කෙනෙක්ම තමන්ට ඇති ආදරය අහන්න කැමතියි.

ඒ අතරින් බිරිදක් තම සැමියාගෙන් මම ඔයාට ආදරෙයි කියන වචන තුන අහගන්නේ කලාතුරකින්.

ඔබේ සහකාරියට ඔබේ ආදරය පෙන්වීමත් ඇයට එය පවසනවා මෙන්ම වැදගත් වෙනවා.

ඒ වගේම වචනයෙන් කියනවාට වඩා වැඩි යමක් එය කර පෙන්වීමෙන් ලබා ගන්න පුළුවන්.

2. සැමියා හා බිරිඳ: තේරුම් ගන්න. සමාව දෙන්න

ඔබේ බිරිඳට වැරදිම් වෙන දින මෙන්ම ඇයට අතපසුවීම් සිදුවෙන දිනද තියෙනවා.

ඔබ , ඇය මෙන්ම කිසිවෙකු සර්ව සම්පුර්ණ නැති බව මතක තබාගන්න.

ඔබ විසින් ඇයව තේරුම් ගැනීම හා සමාව දීම ඇයට අවශ්‍ය වෙනවා.

සමාව නැති තැන විවාහය ඇතුලු සියලුම සම්බන්ධතා වලට පැවැත්මක් නැහැ.

3.නිතර අදහස් හුවමාරු කරගන්න

ඔබේ බිරිඳ සමග කතා කිරීම අවම කරන්න එපා. ඔබ දෙපලට කතා හැකි සැබෑ මාතෘකා ඇති තරම් තියෙනවා.

දරුවන්, රැකියාව සහ කාලගුණය ගැන කතා කරන්න.

ඔබ දෙපල සාකච්ඡා කරනවා අඩු නම් එය ඔබේ විවාහයේ පැවැත්මට හොද සලකුණක් නම් නොවේ.

4.ඇය හා ඔබේ දරුවන් එක්ක ගුණාත්මක කාලයක් ගත කරන්න

ඔබේ බිරිඳ සහ දරුවන් සමඟ ගුණාත්මක කාලයක් ගත කිරීම ඉබේම සිදුවන්නේ නැහැ.

ඒ සදහා ඔබ අවස්ථාවන් හා කාලය නිර්මාණය කරගත යුතු වෙනවා. ඔබේ ආදරණියන් හා ගෙවන කාලයට ඔබේ ජිවිතයේ පළමු තැන දෙන්න.

5.සැමියා හා බිරිඳ: නැහැ කියනවාට වඩා වැඩියෙන් ඔව් කියන්න

නිරන්තර ප්‍රතික්ෂේප වීම් තුලින් ඇය බිද වැටීමට පුළුවන්.

කිසිම බිරිඳක් ප්‍රතික්ෂේප කිරීමට කැමති නැහැ. ඔබේ බිරිදට සහ ඔබේ දරුවන්ට පුරුද්දක් ලෙස ඍණාත්මක ප්‍රතිචාර දැක්වීම ඒතරම් සුදුසු දෙයක් නොවේ.


GalleryGallery