වීඩියෝ එකක් හදන්න ලංකාවට ආ එංගලන්ත සුරූපිනියකට සහ ඉන්දියානු තරුණියකට සිදුවූ දේ..(PHOTOS)

Police spokesman Sri Lanka Police Youtube India England
By Aruna May 31, 2024 04:54 AM GMT
Aruna

Aruna

Report

එංගලන්ත ජාතික තරුණියකගේ ඩොලර් 20000ක පමණ වටිනා දේපළ අඩංගු බෑගය පිටකොටුව බැස්ටියන් මාවත බස් නැවතුම්පොලේ බස් රථයක් තුළදී සොරාගත් පුද්ගලයා කැලණිය පෙතියාගොඩ දී අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වනවා.

පිටකොටුව පොලිසිය පැවසුවේ, අත්අඩංගුවට ගත් සැකකරු සංචාරක වෙළෙන්දෙක් ලෙස කටයුතු කළ පුද්ගලයෙක් බවයි.

එම සැකකරු සොරාගෙන තිබූ ලැප් ටොප් පරිගණකය කැමරාව, බැංකු කාඩ්පත් හා ඇයගේ ගුවන් ගමන් බලපත්‍රය ඇතුළු සියලුම දේපළ පොලිසිය මගින් සොයාගෙන තිබීම ද විශේෂත්වයක්.

පාසල නිමවී ගෙදර එන දැරිය ගිමන් හරින අතරේ ගැබිණියක් කළ සිදුවීමක්..

පාසල නිමවී ගෙදර එන දැරිය ගිමන් හරින අතරේ ගැබිණියක් කළ සිදුවීමක්..


ශ්‍රී ලංකාව පිළිබඳ සංචාරක වීඩියෝ පටයක් සකස් කිරීම මෙරටට පැමිණ ඇල්ල බලා යාම සඳහා පිටකොටුව බැස්ටියන් මාවත බස් රථයක විදෙස් තරුණිය සිය ගමන් බෑග් තබා තිබියදී සැකකරු ඔහු රැගෙන ආ බෑගය එහි තබා ඇයගේ දේපල අඩංගු බෑගය සොරාගෙන ගොස් තිබූ බවයි පැවසෙන්නේ.

පොලිසිය කියා සිටියේ, බස් රථයේ සවිකර තිබූ සීසීටීවී කැමරා දර්ශන ඔස්සේ ලබාගත් ඡායාරූප තොරතුරු ඔස්සේ රහසිගත ලෙස ප්‍රසිද්ධ කර ලබා ගත් තොරතුරු කලකට පෙර බස් රථවල ස්ටිකර් අලවිකල පුද්ගලයකු බවට හඳුනා ගැනීමෙන් අනතුරුව සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවයි.

පිටකොටුව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලලිත් සිලෝගම මහතා පැවසුවේ, සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී සොරාගත් කැමරාව රුපියල් දෙලක්ෂ පනස්දහකට දොම්පේ ප්‍රදේශයේ පුද්ගලයෙකුට විකුණා තිබියදීත්, ලැප් ටොෆ් පරිගණකය රහස් අංකය විනාශ කිරීම සඳහා පෑලියගොඩ ප්‍රදේශයේ ස්ථානයකට රුපියල් 5000කට අත්තිකාරම් මුදලක් ගෙවා ලබාදී තිබියදීත් සෙසු භාණ්ඩ සැකකරු සන්තකයේ තිබියදී සොයාගැනීමට හැකිවූ බවයි.

"අන්ඩර් ද සේම් ස්කයි " නමින් යූබ්ටියුබ් චැනලයක් පවත්වාගෙන යන ස්කයි මැක්ගෝවන් නමැති තරුණිය රටවල් 37ක සංචාරය කර ඇති තැනැත්තියක් බවත් ඉකුත් 24 වෙනිදින මෙරට සංචාරය සඳහා පැමිණ තිබූ බවයි පොලිසිය වැඩිදුරටත් කියා සිටියේ.

වීඩියෝ එකක් හදන්න ලංකාවට ආ එංගලන්ත සුරූපිනියකට සහ ඉන්දියානු තරුණියකට සිදුවූ දේ..(PHOTOS) | Wha Happened To Two Foreign Young Women In Sri Lan

මේ අතර, ගාල්ලේ සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියක සුඛෝපභෝගී මැදිරියක ගමන් ගත් මේ රට සංචාරයක් සඳහා පැමිණ සිටි ඉන්දීය ජාතික අවුරුදු 24 ක් වයස තරුණියක් සතු රුපියල් ලක්ෂ හතරහමාරක් පමණ වටිනා ලැප්ටොප් පරිගණකයක් සහ ඒවායේ උපාංග සහිත බෑගයක් අමතක වීමකින් දමා ගොස් තිබියදී එම බෑගය දුම්රිය ආරක්ෂක හමුදාවේ නිලධාරියකු විසින් සොයාගෙන එම තරුණියට භාරදී ඇති අපූරු පුවතක් වාර්තා වනවා.

මෙම ආදර්ශමත් සත් ක්‍රියාව සිදුකර ඇත්තේ දුම්රිය ආරක්ෂක හමුදාවේ මාලිගාවත්ත කාර්යාලයේ රාජකාරී කරන සැරයන් කපිල මාරසිංහ(91075)මහතා බවයි පැවසෙන්නේ.

අද මධ්‍ය රාත්‍රියේ ඉන්ධන මිල සංශෝධනයක්..මිල ගණන් අඩු කරයි?..

අද මධ්‍ය රාත්‍රියේ ඉන්ධන මිල සංශෝධනයක්..මිල ගණන් අඩු කරයි?..


ගාල්ලේ සිට පැමිණි දුම්රිය මාලිගාවත්ත දුම්රිය අංගනයට ගාල් කිරීමට ගෙනා අවස්ථාවේ නිරතව සිටි සැරයන් මාර සිංහ මහතා මැදිරියක රාක්කය මත තිබූ බෑගයක් රැගෙන පැමිණ දුම්රිය ආරක්ෂක හමුදාවේ මාලිගාවත්ත ඒකකයේ ස්ථානාධිපති උප පරීක්ෂක නන්දන පෙරේරා මහතාට භාරදී ඇති බවයි වාර්තා වන්නේ.

පසුව ඉන්දීය ජාතික තරුණිය බෑගය සොයා පැමිණීමෙන් පසු ඇයට භාරදී තිබේ.

සැරයන් මාරසිංහ මහතාට හමුවූ එම බෑගය පහසුවෙන්ම සඟවා තබා ගැනීමට හැකියාව තිබේදී එසේ නොකර එය තමාට බාරදීම ගැන ඉන්දීය ජාතික තරුණිය ඔහුට ස්තුතිය පුදකර ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

ඇය දුම්රිය ආරක්ෂක හමුදාවේ නිලධාරීන් සමග සමඟ පවසා ඇත්තේ, ලැප් ටොප් පරිගණකය ඇතුළු උපාංග සහිත මෙම බෑගය තමාට යළි හමුවේ යැයි කියා කිසිසේත් සිතුවේ නොමැති බවයි.

මෙරටට වාහන ආනයනය කිරීම සම්බන්ධයෙන් රජය ගන්න යන තීරණය මෙන්න.(VIDEO)

මෙරටට වාහන ආනයනය කිරීම සම්බන්ධයෙන් රජය ගන්න යන තීරණය මෙන්න.(VIDEO)


මෙම බෑගය ඉන්දීය ජාතික තරුණියට භාරදීමෙන් පසු ඇය ඡායාරූපයකටද පෙනී සිට ඇති අතර මෙම ඡායාරූපයේ සැරයන් මාරසිංහ, උප පරීක්ෂක නන්දන පෙරේරාසහ දුම්රිය ආරක්ෂක හමුදාවේ නිරෝෂා මහත්මියද සිටී.

දුම්රිය ආරක්ෂක හමුදාවේ අධිකාරි අනුර පේමරත්න සහ සහකාර අධිකාරී යූ . ඒකනායක(මාලිගාවත්ත) යන මහත්වරුන්ටද මේ බව දැනුම් දී ඇත.


ReeCha