මෙරටට වාහන ආනයනය කිරීම සම්බන්ධයෙන් රජය ගන්න යන තීරණය මෙන්න.(VIDEO)

Nandalal Weerasinghe Ranil Wickremesinghe Electric Vehicle Department of Motor Vehicles vehicle imports sri lanka
By Aruna May 30, 2024 05:55 PM GMT
Aruna

Aruna

Report

වාහන ආනයනය සම්බන්ධයෙන් මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අද විශේෂ දැනුවත් කිරීමක් සිදු කරනු ලැබීය.

එමගින් දන්වනු ලැබුවේ ඉදිරියේදී අධියර කිහිපයක් යටතේ වාහන ආනයනයට අවසර ලබා දෙන බවයි.



මේ අතර, ශ්‍රී ලංකාවට නැවතත් වාහන ආනයනය කිරීම සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කරන ලද කමිටු නිර්දේශ මුදල් අමාත්‍යවරයා වන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත යොමු කර ඇති බවට දන්වා තිබෙනවා.

ඒ අනුව අදියර හතරක් යටතේ වාහන ආනයන තහනම ලිහිල් කිරීමට නිර්දේශ කර තිබේ.

ඊට අදාළ කාල රාමුවක්ද මෙම කමිටුව විසින් ඉදිරිපත් කර ඇත.

එම කමිටු නිර්දේශ සලකමින් මේ පිළිබඳ අවසන් තීරණය ජනාධිපතිවරයා විසින් ගනු ඇති බවද වාර්තා වෙයි.

කමිටුව විසින් පෙන්වා දී ඇත්තේ වාහන ආනයනය සඳහා අවසර දුනහොත් ඒ හරහා තීරුබදු ආදායම රුපියල් මිලියන 340 ක් පමණ වාර්ෂිකව ලබාගත හැකි වනු ඇති බවය.

හදිසියේම අජිත් රෝහණ සහ පොලිස් ප්‍රධානියෙක් රටින් පිටව යයි..හේතුව මෙන්න..

හදිසියේම අජිත් රෝහණ සහ පොලිස් ප්‍රධානියෙක් රටින් පිටව යයි..හේතුව මෙන්න..


ඒ යටතේ පළමුව වාණිජ වාහන ‍පොදු ප‍්‍රවාහන සේවා රථ වාහන හා අනතුරුව යතුරුපැදි ත්‍රිවිල් රථ ආදියත් අවසානයේ මෝටර් රථ හා සුඛෝපභෝගී රථත් ආනයනයට නිර්දේශ ලබාදී ඇත.