කොදෙව්වන්ට එරෙහිව ශ්‍රී ලංකාව ජයග්‍රහණයක් ආසන්නයේ..

Sri Lanka Galle Icc Western Indian Test cricket match
By Aruna Nov 25, 2021 04:19 AM GMT
Report

ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ 5 වන සහ අවසන් දිනය අදයි.

ඊයේ දිනයේ තරඟය නතර කරන විට ලකුණු 348 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යන කොදෙව් කණ්ඩායම කඩුලු 6 ක් දැවී ලකුණු 52 ක් ලබා සිටියා.

පළමු ඉනිමේදි ලකුණු 386ක් රැස් කළ ශ්‍රී ලංකාව දෙවන ඉනිම අත්හිට වූයේ කඩුලු 4කට ලකුණු 191ක් ලබා සිටියදීයි.

කොදෙව් පළමු ඉනිම ලකුණු 230 කට සීමා වුණා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now