බටහිර ඉන්දීය කොදෙව් කාන්තාවෝ ජුනි මස ශ්‍රී ලංකාවට...

By Parami Dissanayake May 17, 2024 03:05 PM GMT
Report

 ඊයේ (16 වැනිදා) නිකුත් කළ නිවේදනයක දැක්වෙන පරිදි බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට් කණ්ඩායම එළැඹෙන ජූනි මාසයේ දී ශ්‍රී ලංකාවේ තරග සංචාරයක නිරත වීමට නියමිත ව ඇත.

එම තරග සංචාරයට එක්දින තරග 3ක් සහ 20-20 තරග 3ක් ඇතුළත් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි. . තරග සංචාරයට අදාළ පළමු එක්දින තරගය ජූනි මස 15 වැනිදා පැවැත්වීමට නියමිතව ඇති අතර, දෙවැනි තරගය ජූනි මස 18 වැනිදා පැවැත්වීමට නියමිතව තිබේ.

ශ්‍රී ලංකාවේ වාහක රෝග පිලිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් සමාලෝචනයක්...

ශ්‍රී ලංකාවේ වාහක රෝග පිලිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් සමාලෝචනයක්...

එමෙන් ම , අවසන් එක්දින තරගය ජූනි මස 21 වැනිදා පැවැත්වීමට නියමිත ය. 20-20 තරගාවලියේ පළමු තරගය ජූනි මස 24 වැනිදාත්, දෙවැනි තරගය 26 වැනිදාත් සහ තෙවැනි තරගය ජූනි මස 28 වැනිදාත් පැවැත්වීමට නියමිතය.

බටහිර ඉන්දීය කොදෙව් කාන්තාවෝ ජුනි මස ශ්‍රී ලංකාවට... | West Indies Women To Sri Lanka In June

එක්දින තරගාවලිය ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී සහ 20-20 තරගාවලිය හම්බන්තොට සූරියවැව ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති බව වාර්තා වේ.