තරුණ යුවලකගේ මළ සිරුරු ඇඳක් මතින් හමුවෙයි..අභිරහස් මිය යාමක්.
Police
Wellawaya
Murder case
By Aruna
වැල්ලවාය පොලිස් බල ප්‍රදේශයට අයත් සෙල්ලබාව දෙක ප්‍රදේශයේ නිවසක තිබී අඹුසැමි යුවලකගේ මළ සිරුරු වැල්ලවාය පොලිසිය විසින් ඊයේ (6) පස්වරුවේ දී සොයාගෙන තිබේ.
ලද තොරතුරක් අනුව මෙම සිරුරු දෙක සොයාගෙන ඇති අතර එසේ මියගොස් ඇත්තේ තිස් හය හැවිරිදි පුද්ගලයෙක් සහ වයස අවුරුදු විසි එකක ඔහුගේ බිරිඳ බව පොලීසිය පවසයි.
මියගිය පුද්ගලයා දේශීය වෙදකම සිදුකළ පුද්ගලයකු වන අතර ඔවුන් වැල්ලවාය සෙල්ලබාව ප්‍රදේශයේ නිවසක් කුලියට ගෙන එහිම දේශීය වෙදකම් සිදුකරමින් ජීවත්වී තිබේ.
ඔවුන්ගේ සිරුරු එම නිවසේ නිදන කාඹරයක ඇඳක් මත තිබී හමුවූ බව පොලීසිය පැවසීය.
මළ සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලවාය පොලිසිය විසින් ඉදිරි විමර්ශන සිදුකරයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |