මාදුරුඔයට කඩා වැටුණු හෙලිකොප්ටරයේ නියමුවා මරණ පරීක්ෂණයේ සාක්ෂි දෙයි
නිදර්ශන චාරිකාවක් සඳහා මාදුරුඔය යුද හමුදා විශේෂ බළකා කඳවුරෙන් ගුවන් ගතවූ බෙල් 212 හෙලිකොප්ටර් යානය, ගුවන්ගත වූ තත්පර 30ක් ඇතුළත පාලනයෙන් ඉවතට ගොස් මාදුරුඔය ජලාශයට කඩා වැටුණු බව එහි ප්‍රධාන ගුවන් නියමු ෆ්ලයිට් ලෙෆ්ටිනන් පෝලන් ජයවර්ධන මහතා දෙහිඅත්තකණ්ඩිය මහෙස්ත්‍රාත් අධිකරණයේදී පැවසීය.
මෙම අනතුරින් ගුවන් හමුදා සාමාජිකයින් දෙදෙනෙකු සහ යුද හමුදා විශේෂ බළකා සාමාජිකයින් සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ අතර, නඩුව දෙහිඅත්තකණ්ඩිය මහෙස්ත්‍රාත් ප්‍රියන්ත හාල්යාල මහතා ඉදිරියේ යළි කැඳවූ අවස්ථාවේදී මරණ පරීක්ෂණයේ සාක්ෂි ලබා දෙමින්, තමාගේ වරදකින් නොව යම් කාර්මික දෝෂයක් හේතුවෙන් යානය කඩා වැටී ඇති බවට සැක පළ කළේය.
එයට අනුව නඩුව මේ මස 21 දින යළි කැඳවීමට නියෝග කළ දෙහිඅතත්කණ්ඩිය මහෙස්ත්‍රාත් ප්‍රියන්ත හාල්යාල මහතා අනතුරින් මිය ගිය ගුවන් හමුදා සාමාජිකයින් දෙදෙනාගේ සහ යුද හමුදා විශේෂ බළකා සාමාජිකයින් සිව්දෙනාගේ මරණවලට හේතුව එදිනට ප්‍රකාශයට පත් කිරීමට තීන්දු කල බව ද වාර්තා වේ.

නෑ නෑ කිව්වට චිචීගේ රොකට් එක යවන්න ඩොලර් මිලියන දොළොස්දහසක් ගිහින් - කලබල නැතුව ඉන්නකෝ ඇත්ත එළියට දානකම්
වැඩිදුරටත් මහෙස්ත්‍රාත්වරයා ගුවන් අනතුර සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණය හමුවට එදින ඉදිරිපත් කරන ලෙස දෙහිඅත්තකණ්ඩිය පොලීසියට නියෝග කළේය.