අගමැතිනියට මල පැනලා රැස්වීමට ආපු අයට හොඳටම බනියි
පසුගියදා ආගමැතිනි හරිනි අමරසූරිය මෙනවිය රජයේ සංවර්ධන ව්‍යාපෘති ප්‍රගති සමාලෝචන රැස්වීම්වලට සහභාගී ඌ අතර ඇයට සහභාගී වු රාජ්‍ය නිලධාරීන් නිසි පරිදි තොරතුරු දැනගෙන සූදානමින් නොපැමිණි බව සඳහන් කරමින් ඇය චෝදනාත්මක ප්‍රකාශයක් සිදු කර තිබේ.
ඒ අනුව කිසිදු සූදානමකින් තොරව එන්නන් වාලේ ඇවිත් කාලය කාදැමීම කිසිසේත්ම අනුමත කරන්නට නොහැකි බවත් එහෙම සූදානමක් ඇතිව එන්න බැරි නම් මේ රැස්වීමට එන්න එපා යැයිද ඇය කීවාය.
වැඩිදුරටත් අදහස් දැක්වූ ඇය සඳහන් කළේ, තොරතුරු නිවැරදිව ලබාදිය හැකි නිලධාරීන් පමණක් රැස්වීම්වලට එන්න. සූදානමක් ඇතිව එන්න. නැති නම් මේ සංවර්ධන වැඩසටහන් සිදුකරන්ට නොහැකි” බවත් ඇය කීවාය.
මේ සම්බන්ධයෙන් කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ රැස්වීමේ සභාපති ලක්ෂ්මන් නිපුණආරච්චි මෙසේ පැවසුවේය,
“සමහර රාජ්‍ය නිලධාරීන් ආවට ගියාට තමයි මෙම රැස්වීමට පැමිණ උත්තර දෙන්නේ. කිසිදු සූදානමක් නෑ.” සමහරු රැස්වීමට ඇවිත් යන්න ඕන කියලා පමණක් හිතාගෙන ඇවිත් යනවා කියලා හිතාගෙන නම් මේ රැස්වීමට එන්න එපා. තොරතුරු, ප්‍රශ්න, ගැටලු, විසඳුම් නැතුව එන්න එපා.
ඇවිත් කතා කරනවා, කිසිදු තොරතුරක් නෑ. තව සතියකින් කියන්නම්, කරගෙන යනවා ආදී වශයෙන් පමණක් ප්‍රකාශ කරන්න එපා. නිවැරැදි තොරතුරු අපට ලබා දෙන්න. දිස්ත්‍රික් සම්බන්ධීකරණ රැස්වීම තුළින් තමයි දිස්ත්‍රික්කයේ සංවර්ධන වැඩවල ප්‍රගතිය දැනගෙන එය ක්‍රියාත්මක කරන්න තියෙන තීන්දු තීරණ ගන්නට තියෙන එකම තැන.
එදාටත් සමහර නිලධාරීන් එන්නේ නෑ. වසරේ මුලින්ම මාසිකව පවත්වන දිස්ත්‍රික් සම්බන්ධීකරණ රැස්වීම් පැවැත්වෙන දිනයන් සඳහන් කර ලිඛිතව දැනුම්දී තියෙනවා. නමුත් සමහරු පසුව ඒ දිනවලත් වෙන වෙන වැඩ යොදාගෙන මේ රැස්වීම්වලට එන්නේ නැතිව මඟහරිනවා.
වෙනත් තොරතුරු නොදන්නා නිලධාරීන් රැස්වීමට එවනවා. එය මෙතැනට ගැළපෙන්නේ නෑ. ඒ නිසා සූදානමින් හරියට වැඩසටහන්වලට පිළිතුරු දෙන්න බැරිව මේ රැස්වීම්වලට එන්න එපා” යැයිද ඒ මහතා රජයේ නිලධාරීන්ට තරයේ ප්‍රකාශ කළේය.