හිඟ මුදල් සහිතව වැඩිහිටි දීමනාව දෙන දවස කියයි

Government Of Sri Lanka Sri Lankan Peoples
By Shehan Mar 17, 2025 05:44 AM GMT
Shehan

Shehan

Report

රජය විසින් අඩු ආදායම්ලාභී, වයස අවුරුදු 70 ඉක්මවූ ප්‍රතිලාභීන්ට ලබා දෙන රුපියල් 3,000ක වැඩිහිටි දීමනාව, 2024 නොවැම්බර් මාසයේ සිට හිඟ දීමනා සහිතව ගෙවීමට තීරණය කර ඇත.

වැඩිහිටි මහලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ චතුර මිහිදුම් නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ, මාර්තු 20 වැනිදා සිට එම ගෙවීම් ආරම්භ කරන බවයි.

ඉන්දියාවෙන් ලංකාවට ආපු පිරිසකට කොරෝනා වෛරසය වැලඳිලා?

ඉන්දියාවෙන් ලංකාවට ආපු පිරිසකට කොරෝනා වෛරසය වැලඳිලා?

අස්වැසුම්ලාභී වැඩිහිටියන් සඳහා මෙම දීමනාව, සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය මගින් ස්ලිප් ක්‍රමය යටතේ, ඔවුන්ගේ අස්වැසුම් ගිණුම්වලට ඍජුවම බැර කිරීමට සැලසුම් කර තිබේ.

ඒ අනුව, මෙතෙක් දීමනාව ලබාගත් අස්වැසුම නොලබන පවුල්වල වැඩිහිටියන්ට පමණක්, හිඟ දීමනා සමගින් මාර්තු 20 වැනිදා සිට තැපැල් සහ උප තැපැල් කාර්යාල හරහා ගෙවීමට අවශ්‍ය පියවර ගෙන ඇත.

මෙම ක්‍රමය මගින් දුෂ්කර ප්‍රදේශවල ප්‍රතිලාභීන්ට අපහසුවකින් තොරව මුදල් ලබා ගැනීමේ පහසුකම සැලසෙන බවත් ඔවුන් වැඩිදුරටත් සඳහන් කර ඇත.

හෝලි එක්ක ඇමති වසන්ත සමරසිංග ෆුල් ෆන්.. (PHOTOS)

හෝලි එක්ක ඇමති වසන්ත සමරසිංග ෆුල් ෆන්.. (PHOTOS)

ReeCha