මුදල් විශුද්ධිකරණ චෝදනාවකට වෙලේ සුදා යළිත් රිමාන්ඩ්
මුදල් විශුද්ධිකරණ වැළැක්වීමේ පනත ප්‍රකාරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගෙන රඳවා තබා සිටින සමන්ත කුමාර නොහොත් "වෙලේ සුදා" නමැත්තා එළැඹෙන ජූලි මස 16 වැනිදා දක්වා තවදුරටත් රිමාන්ඩ් භාරයේ තැබීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා අද (02) නියෝග කළේය.
මෙම සිද්ධියට අදාළ නඩු විභාගය අද දින අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී, විමර්ශන නිලධාරීන් විසින් සිදුකළ කරුණු ඉදිරිපත් කිරීම් සලකා බැලීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා විසින් මෙම නියෝගය ප්‍රකාශයට පත් කරන ලදී.
ආරක්ෂිත හේතූන් මත සැකකරු බන්ධනාගාරයේ සිට සූම් තාක්ෂණය ඔස්සේ සජීවීව අධිකරණ කටයුතු සඳහා සම්බන්ධ කර තිබීම විශේෂත්වයකි.