ශ්‍රී ලාංකිකයන්ට සුභම සුභ ආරංචියක් - රජයේ රාජ්‍ය මූල්‍ය විනය නිසා රටම ගොඩ
ශ්‍රී ලංකාව ඉහළ මධ්‍ය ආදායම් ලබන රටක් බවට පරිවර්තනය වීමට වත්මන් රජයේ රාජ්‍ය මූල්‍ය විනය හේතු වූ බව ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා පවසයි.
ලෝක බැංකුව විසින් ඊයේ නිකුත් කරන ලද නවතම ආර්ථික වර්ගීකරණයට අනුව ශ්‍රී ලංකාව යළිත් වරක් ඉහළ මධ්‍යම ආදායම් ලබන රටක් ලෙස වර්ගීකරණය කර ඇත. 2022 වසරේදී ශ්‍රී ලංකාව මුහුණ දුන් දරුණුතම ආර්ථික අර්බුදය හේතුවෙන් මෙරට ආර්ථිකය දැඩි ලෙස කඩාවැටීමකට ලක්වූ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාව පහළ මධ්‍යම ආදායම් ලබන රටක් දක්වා පහත වැටී තිබේ.
එහෙත් ලෝක බැංකු වාර්තාව පෙන්වා දෙන්නේ එම අර්බුදයෙන් වසර තුනකට පසු, එනම් 2025 වසර වන විට මෙරට දළ දේශීය නිෂ්පාදිතය 5%ක් ලෙස සැලකිය යුතු වර්ධනයක් අත්කර ගැනීමට සමත්ව ඇති බවයි.
මෙම වසරේදී ලෝක බැංකුවේ ඇගයීමට රටවල් 218ක් ලක්ව තිබූ අතර ශ්‍රී ලංකාවට අමතරව ජෝර්දානය, මයික්‍රොනීසියාව, පිලිපීනය සහ වියට්නාමය යන රටවල් ද පහළ මධ්‍යම ආදායම් කාණ්ඩයේ සිට ඉහළ මධ්‍යම ආදායම් ලබන රටවල් දක්වා ඉදිරියට පැමිණ තිබේ.
එමෙන්ම ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය සහ ඔරොත්තු දීමේ හැකියාව ඉහළ නැංවීමේ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ සඳහා ඩොලර් මිලියන 150ක මුදලක් අනුමත කිරීමට ලෝක බැංකුවේ විධායක අධ්‍යක්ෂ මණ්ඩලය ඊයේ (01) පියවර ගත්තා.