මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනාට වැඩ වරදී - මන්ත්‍රී ධුරය බල රහිත කිරීමේ නියෝගයක් ඉල්ලයි
අභියාචනාධිකරණය විසින් යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා මහතාගේ මන්ත්‍රී ධුරය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සමක් විභාගය සඳහා අගෝස්තු මස 31 වනදා කැඳවීමට නියෝග කර ඇත.
අද (02) අභියාචනාධිකරණ විනිසුරු මහේන් ගොපල්ලව මහතා ඉදිරියේ අභිනව නිවහල් පෙරමුණේ සභාපති ඔෂල හේරත් මහතා විසින් ගොනු කර තිබූ පෙත්සම කැඳවා ඇත. මාධ්‍ය වාර්තා කරන්නේ එහිදී පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතීඥ අශෝක් භරන් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම පෙත්සම විභාගය සඳහා ඉතා ආසන්න දිනයක් ලබා දෙන ලෙස ඉල්ලා සිටි අතර වග උත්තරකාර අර්ච්චුනා මන්ත්‍රීවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සේනානි දයාරත්න මහතා ද එම ඉල්ලීමට විරෝධය පළ නොකළ බවයි.
ශ්‍රී ලංකා මහ බැංකුවෙන් ප්‍රසිද්ධ නිවේදනයක් - මහජනතාවට දැඩි අනතරු ඇඟවීමක් - තහනම් පිරමිඩ හා ඩිජිටල් වේදිකා ක්‍රම එළියට
පසුව පෙත්සම පිළිබඳ විභාගය අගෝස්තු මස 31 වනදා කැඳවීමට විනිසුරුවරයා නියෝග කර තිබේ. පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා මහතා පාර්ලිමේන්තුවට තේරී පත්වන අවස්ථාව වන විටත් ඔහු රජයේ වෛද්‍යවරයෙකු වශයෙන් සේවය කරමින් සිටි අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන වලට අනුව රජයේ සේවකයෙකු පාර්ලිමේන්තුවට තේරී පත්වීම නීතියට පටහැනි මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය දැරීමට නුසුදුසුකමක් බව අදාළ පෙත්සමේ සදහන් කර තිබේ.