අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ වැටලිම් වලින් 652ක් අත්ඩංගුවට
අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණය අරමුණු කරගෙන දිවයින පුරා ක්‍රියාත්මක කරන දෛනික සෝදිසි මෙහෙයුම් මගින් සැකකරුවන් 652 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.
ඊයේ (01) දිනයේදී පමණක් පුද්ගලයින් 26,377 දෙනෙකු පරීක්ෂාවට ලක් කර ඇති අතර එහිදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකිවූ බවද පොලීසිය සඳහන් කරයි.
අත්අඩංගුවට ගත් පිරිස අතරින් අපරාධවලට සෘජුව සම්බන්ධ පුද්ගලයින් 25 දෙනෙකු හඳුනාගෙන ඇති අතර, විවෘත වරෙන්තු යටතේ සැඟවී සිටි සැකකරුවන් 129 දෙනෙකුද අත්අඩංගුවට ගෙන තිබේ.
එම සෝදිසි මෙහෙයුම්වලදී බීමත්ව රිය පැදවීමේ චෝදනා මත පුද්ගලයින් 53 දෙනෙකුත්, අපරික්ෂාකාරී රිය පැදවීමේ චෝදනා මත තවත් 129 දෙනෙකුත් අත්අඩංගුවට ගත් බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේය.
මේ අතර, රථවාහන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් තවත් පුද්ගලයින් 4,249 දෙනෙකුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති බවද පොලීසිය පවසයි.