කොළඹ ඇතුළු ප්‍රදේශ 20කට ජල සැපයුම අත්හිටුවයි - පැය 12කට විදුලියත් විසන්ධි වීමේ අවදානමක්

Report

අත්‍යවශ්‍ය නඩත්තු කටයුතු සහ විදුලිබල පද්ධති වැඩිදියුණු කිරීමේ කටයුතු හේතුවෙන් ජූලි 4 වන සෙනසුරාදා පැය 12 ක ජල කප්පාදුවක් සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය (NWSDB) නිවේදනය කර ඇත.

මෙය කප්පාදුව පෙ.ව. 9.00 සිට ප.ව. 9.00 දක්වා ක්‍රියාත්මක වේ. මුල්ලේරියාව උප පොළේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුතු සිදු කිරීම සඳහා අඹතල ජල පවිත්‍රාගාරයට විදුලිය තාවකාලිකව විසන්ධි කිරීම හේතුවෙන් ජල සැපයුම අත්හිටුවන බව වාර්තා වේ.

ඔන්න හැමෝම මඟ බලපු අස්වැසුම බැංකු ගිණුමටම - සල්ලි පොතටම වැටෙන දිනේ මෙන්න

ඔන්න හැමෝම මඟ බලපු අස්වැසුම බැංකු ගිණුමටම - සල්ලි පොතටම වැටෙන දිනේ මෙන්න

එසේම, දෙහිවල සහ මාලිගාවත්ත යන ප්‍රදේශවල විදුලිබල පද්ධති වැඩිදියුණු කිරීමේ කටයුතු සිදු කෙරේ. කොළඹ 1 සිට 15 දක්වා, බත්තරමුල්ල , පැලවත්ත, හෝකන්දර ,කොස්වත්ත, තලවතුගොඩ , ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ,රාජගිරිය ,මිරිහාන ,මැදිවෙල, නුගේගොඩ ,නාවල ,කොළොන්නාව.අයි දී එච් , කොටිකාවත්ත, අංගොඩ, වැල්ලම්පිටිය, ඔරුගොඩවත්ත, මහරගම, පිළියන්දල ආදී ප්‍රදේශවල ජල සැපයුම අත්හිටුවයි.

බලපෑමට ලක් වූ ප්‍රදේශවල ජීවත් වන ජනතාවට ප්‍රමාණවත් තරම් ජලය කල්තියා ගබඩා කර තබා ගන්නා ලෙස ජාතික ජල සම්පාදන හා ජලාපවහන සංවිධානය උපදෙස් දී තිබේ.

ඊමේල් මගින් මහා පරිමාණ වංචාවක් - ශ්‍රී ලංකා පොලිසියෙන් ජනතාවට හදිසි අනතුරු ඇඟවීමක්

ඊමේල් මගින් මහා පරිමාණ වංචාවක් - ශ්‍රී ලංකා පොලිසියෙන් ජනතාවට හදිසි අනතුරු ඇඟවීමක්