කරාපිටියේ විරෝධතාවක් - හේතුව මෙන්න

Report

නිදහස් සෞඛ්‍ය සහ නිදහස් අධ්‍යාපන අයිතීන් සුරැකීම ඇතුළු ප්‍රධාන ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින්, රුහුණ විශ්වවිද්‍යාලයේ කරාපිටිය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව මෙහෙයවූ විරෝධතා රැළියක් සහ පන්දම් වැටක් අද (02) සන්ධ්‍යාවේ කරාපිටිය නගර මධ්‍යයේදී පවත්වනු ලැබීය.

මෙරට වෛද්‍ය පුහුණුව මෙන්ම සෞඛ්‍ය පද්ධතිය දරුණු කඩා වැටීමකට ලක්ව ඇති බව පවසමින් වෛද්‍ය සිසුන් විශාල පිරිසක් මෙම විරෝධතාවයට සක්‍රීයව දායක වී සිටියහ.

මිස්ටර් කොත්තුට ආයෙත් වැඩ වරදියි - රජයෙන් විශේෂ නියෝග කීපයක් සමඟ සියලු ශාඛාත් පරික්ෂාවට

මිස්ටර් කොත්තුට ආයෙත් වැඩ වරදියි - රජයෙන් විශේෂ නියෝග කීපයක් සමඟ සියලු ශාඛාත් පරික්ෂාවට

මෙහිදී අදහස් දැක්වූ ශිෂ්‍ය නායකයන් චෝදනා කර සිටියේ, ලංකාව තුළ MBBS උපාධිය සම්පූර්ණ කළ වෛද්‍යවරුන්ට වෘත්තීය අවස්ථා අහිමි වීමේ දැඩි අවදානමක් මතුවෙමින් පවතින පසුබිමක, කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය යොදාගනිමින් වෛද්‍ය උපාධි මුදලට විකිණීමේ වෙන්දේසියක රජය නිරත වන බවයි.

එමෙන්ම, 2015 වසරෙන් පසුව මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කාර්ය මණ්ඩල පුරප්පාඩු පිළිබඳව කිසිදු විද්‍යාත්මක සමීක්ෂණයක් සිදුකර නොමැති වීම හේතුවෙන් සමස්ත රෝහල් සේවාවන්ම දැඩි අර්බුදයකට මුහුණ දී ඇති බව ඔවුහු පෙන්වා දුන්හ.

පිටරටවලින් වෛද්‍ය උපාධි ලබා පැමිණෙන පිරිස් සඳහා පවත්වන ERPM විභාග ක්‍රියාවලිය තුළ සිදුවන දූෂණ සහ අක්‍රමිකතා වහාම නතර කරන ලෙස බලකර සිටි සිසුන්, එවැනි අවිධිමත් ක්‍රමවේද හරහා රටේ අහිංසක රෝගීන්ගේ ජීවිත අනතුරේ හෙළීමට ඉඩ තැබිය නොහැකි බව ප්‍රකාශ කළහ.

අස්වැසුම ගන්න අස්වැසුම කපනවා හරිනම් රටටම අස්වැසුම දෙන්න ඕනේ වෙලාවක් මේක - හිටපු ඇමතිගෙන් එළියට පැන්න කතාව මෙන්න

අස්වැසුම ගන්න අස්වැසුම කපනවා හරිනම් රටටම අස්වැසුම දෙන්න ඕනේ වෙලාවක් මේක - හිටපු ඇමතිගෙන් එළියට පැන්න කතාව මෙන්න

වත්මන් පාලනයේ අදූරදර්ශී සැලසුම් සහ වෛද්‍ය අධ්‍යාපනය පෞද්ගලිකකරණය කිරීමේ උත්සාහයන් හේතුවෙන් දේශීය නිදහස් සෞඛ්‍ය සේවයේ ප්‍රමිතිය බරපතළ ලෙස බිඳවැටෙමින් පවතින බව කරාපිටිය වෛද්‍ය පීඨ සිසුන් වැඩිදුරටත් අවධාරණය කළහ.