ඊමේල් මගින් මහා පරිමාණ වංචාවක් - ශ්‍රී ලංකා පොලිසියෙන් ජනතාවට හදිසි අනතුරු ඇඟවීමක්
ශ්‍රී ලංකා පොලිසිය විසින් අන්තර්ජාලය හරහා සිදුවෙන වංචාවක් පිළිබඳව නිවේදනයක් නිකුත් කර ඇත. එම නිවේදනයට අනුව ඔබට ඕනෑම ආයතනයකින් ඊමේල් (Email) පණිවිඩයක් ලැබුණු විට, එහි නම (Display Name) එක පමණක් නොව, සැබෑ ඊමේල් ලිපිනය (Email Address) දැයි හොදින් නිරීක්ෂණය කල යුතුය.
ඉතා සියුම් අකුරු වෙනස්කම් (උදාහරණයක් ලෙස m වෙනුවට rn යෙදීම) මඟින් වංචාකරුවන් ඔබව නොමඟ යැවීමට උත්සාහ කරන බැවින්, සෑම අකුරක්ම වෙන වෙනම පරීක්ෂා කිරීම අත්‍යවශ්‍ය වේ.
"ඔබගේ ගිණුම දැනටමත් අවහිර කර ඇත", "පැය 24ක් ඇතුළත මුරපදය වෙනස් කරන්න" හෝ "මුදල් ත්‍යාගයක් දිනා ඇත" වැනි ක්ෂණිකව ක්‍රියාත්මක වීමට බල කරන පණිවිඩ කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන්න. වංචාකරුවන් උත්සාහ කරන්නේ ඔබ කලබලයට පත් කර, සිතීමට කාලය නොතබා ඔබේ දත්ත සොරකම් කිරීමටයි.
කිසිදු විශ්වාසවන්ත ආයතනයක් හෝ බැංකුවක් Email, SMS හෝ Call මඟින් ඔබගේ Passwords, PIN අංක හෝ OTP කේත කිසිවිටෙකත් ඉල්ලා සිටින්නේ නැත. එවැනි තොරතුරු ඉල්ලන කිසිවෙකුටත් තොරතුරු ලබා නොදීමට වගබලා ගන්නා ලෙස ශ්‍රී ලංකා පොලිසිය අනතුරු නිවේදනයක් නිකුත් කර ඇත.
ශ්‍රී ලංකා මහ බැංකුවෙන් ප්‍රසිද්ධ නිවේදනයක් - මහජනතාවට දැඩි අනතරු ඇඟවීමක් - තහනම් පිරමිඩ හා ඩිජිටල් වේදිකා ක්‍රම එළියට