විවාහ ගිවිස ගැනීමේදී දරුවන් 05 දෙනෙක් අනිවාර්යයි.. නව චක්‍ර ලේඛණයක්!!..ප්‍රභලයෙක් දැනුම් දෙයි.

Sri Lanka Wedding register P. Harisan
By Aruna Jan 03, 2022 07:39 AM GMT
Aruna

Aruna

Report

විවාහයකදී දරුවන් පස් දෙනෙකු හැදිය යුතු යැයි රජය නීති පැනවීම් සිදු කළ යුතු බවට යෝජනා කරන බව හිටපු අමාත්‍ය පී. හැරිසන් මහතා දඹුල්ල ප්‍රදේශයේ විශේෂ මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසුවා.

අත්‍යාවශ්‍ය ආහාර භාණ්ඩ ලබා ගැනීම සඳහා ජනතාවට මුහුණ දීමට සිදු ව ඇති ගැටලු සම්බන්ධයෙන් අදහස් දක්වමින් පී. හැරිසන් මහතා සඳහන් කළේ,   රෙජිස්ටාර් ජනරාල්වරයා විසින් නිකුත් කරන ලද විවාහ ගිවිස ගැනීමේ නව චක්‍ර ලේඛය කඩිනමින් වෙනස් කොට මෙරට විවාහ ගිවිස ගැනීමේදී දරුවන් පස් දෙනෙකු අනිවාර්ය කරන ලෙස නීති පැනවිය යුතු බව ඔහු පැවසීය.

"දැන් ඔක්කොට ම පෝලිම් නේ, දරුවෝ පහක් හැදුවොත් එහෙම අඩු ම ගානේ බාල ම එකා තෙල් පෝලිමට තියන්න පුළුවන්. දෙවන එකා ගෑස් පෝලිමට තියන්න පුළුවන්. ගෑස් සිලින්ඩරයක් හොඳ එකක් බලන්න.

මොකද දවස් දෙකක් තුනක් යනවා නේ ගෑස් සිලින්ඩරයක් ගන්න.

අනිත් එකා කිරිපිටි පෝලිමට, ඊළඟ එකා සීනි පෝලිමට. කැඳ ටිකක් හරි බොන්න ඊළග එකා තියන්න වෙනවා හාල් පෝලිමට.

ආපහු ගැසට් එකක් ගැහුවොත් හොඳයි ආණුවත් එක යෝජනා කරයි. අනිවාර්යයෙන් කසාද බදිනකොට කසාද සහතිකයට අඩු ම තරමේ දරුවන් 5ක් හරි හදන්න ඕන කියලා."

රටේ දැවෙන ප්‍රශ්නවලට පිළිතුරක් ලබා නොදීම නිසා ජනතාව පීඩනයටකට පත් වෙමින් සිටින බවත් ගෑස් උදුන් සහ ඒ ආශ්‍රිත විනාශවීම් පිළිබඳව මෙතෙක් රජය ජනතාවට සාධාරණය ඉටු කර නැති බව ද ඔහු මෙහිදී පෙන්වා දුන්නේ ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now