සිප ගෙන ළැම ප්‍රදේශය ස්පර්ශ කරන්න දී ලක්ෂ 69ක් ගත් කාන්තාවක්..ව්‍යාපාරිකයාට සිදුවූ දේ..

CID - Sri Lanka Police Police spokesman Sri Lanka Police Prisons in Sri Lanka
By Aruna Aug 07, 2023 04:30 AM GMT
Aruna

Aruna

Report

ළැම ප්‍රදේශය ස්පර්ශ කළ නිසා නහරයක් පුපුරා ගොස් ශල්‍යකර්මයක් සිදු කළ බව පවසා පුද්ගලයකු බිය වද්දමින් කප්පම් මුදල් ලබා ගත් කාන්තාවක් ඇතුළු තිදෙනකු නිට්ටඹුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන පුවතක් වාර්තා වනවා.

67 හැවිරිදි විශ්‍රාමික දිවියක් ගත කරන පුද්ගලයෙක් සිය නීත්‍යනුකූල බිරිඳ ගෙන් වෙන් වී ඇති හෙයින් නැවත විවාහයක් කර ගැනීමට පුවත්පතක මංගල යෝජනාවක් පළ කර තිබෙන අතර, එම දැන්වීමට අනුව ඔහුට ගන්නෝරුව ප්‍රදේශයේ කාන්තාවක් සමීප වීමෙන් අනතුරුව ඇයව සොයා නිට්ටඹුව ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයා ගන්නෝරුවට ගොස් ඇත.

අවස්ථා දෙකකදී ගන්නොරුව ප්‍රදේශයේ පදිංචි මෙම කාන්තාවගේ නිවසට ගිය පුද්ගලයා ඇයව සිපගෙන ළැම ප්‍රදේශයේ ස්පර්ශ කර තිබෙන බවයි වාර්තා වන්නේ.

විශ්‍රාමික පුද්ගලයා නිට්ටඹුවේ සිය නිවසට පැමිනීමෙන් දින කිහිපයක් ගත වූ පසු ගන්නොරුව ප්‍රදේශයේ කාන්තාව මෙම ප්‍රදේශය ස්පර්ශ කිරීම නිසා නහරයක් පුපුරා ගොස් ඇති බව පවසා එයට ශල්‍යකර්මයක් සිදු කළ බව කියමින් කප්පම් මුදල් ලක්ෂ 30 ක් ඉල්ලා තිබෙන අතර එම මුදල නොදුනහොත් ලිංගික අතවරයක් සිදු කළ බව පවසමින් පැමිණිල්ලක් දමා නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව පවසා ඇත.

එම තර්ජනයට බිය වූ විශ්‍රාමික පුද්ගලයා රුපියල් ලක්ෂ 30ක් ඇයගේ ගිණුමට බැර කර ඇති බවයි පොලිසිය පවසන්නේ. දෙවන වරටත් ඇය විසින් මෙම පුද්ගලයා බිය ගන්වා රුපියල් ලක්ෂ 39 ක මුදලක් ලබාගෙන ඇති බව අනාවරණය වී ඇත.

තෙවන වරටත් කාන්තාව විසින් ලක්ෂ 25 ක මුදලක් ලබා දෙන ලෙස දන්වා ඇති අතර නොදුනහොත් මරණ බවට ද තර්ජනය කර තිබෙනවා.

එම තර්ජනයෙන් බේරීම සඳහා විශ්‍රාමික පුද්ගලයා නිට්ටඹුව පොලිසිය හමුවේ තමාට වූ අකරතැබ්බය සම්බන්ධයෙන් දැනුවත් කර ඇති බවයි වාර්තා වන්නේ.

නිට්ටඹු පොලිසියේ නිලධාරීන් විසින් විමර්ශන සිදුකර කප්පම් මුදල් ලබා ගත් කාන්තාව සහ එයට ආධාර අනුබල දුන් එම කාන්තාවගේ බෑනා සහ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර අද දින ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

ReeCha