ලක්ෂ 750ක් වැයකොට මෙරට පැවති විවාහ මංගල උත්සවය..නාට්‍යංගනාවන් ඉන්දියාවෙන්..මල් නෙදර්ලන්තයෙන්..

Sri Lanka Wedding
By Aruna Dec 20, 2022 11:11 PM GMT
Aruna

Aruna

Report

කොළඹ තරු හෝටලයක ඊයේ දිනයේ ඉහලම පෙලේ මංගල්‍යක් පවත්වා ඇති බව එම හෝටලයේ ආරංචි මාර්ග සදහන් කරනවා.

එම මංගල්‍යට මෙරට ප්‍රභුන් විශාල පිරිසක් එනම් 1000 ක් පමණ සහබාගි වී ඇතැයිද සදහන්යි.

මංගල්‍යය විශේෂයෙන්ම ඉන්දියානු උත්සව සංවිධාන ආයතනයන්නට සංවිධාන කටයුත්ත බාර දී ඇත්තේ ලක්ශ 750 ක් මුදලකට බවත් වාර්තා වනවා.

උත්සවයට අවශ්‍ය මල් නෙදර්ලන්තයේ සිට ගුවන් මගින් ගෙන්වා ඇති අතර නාට්‍යංගනාවන් ඉන්දියාවේ මුම්බායේ සිට ගුවන් මගින් ගෙන්වා ගැනිමට සංවිධායකයින් කටයුතු යොදා තිබිණ.

මේ සදහා මිලියන් ගනනින් වියදම් කොට තිබිම විශේෂත්වයක්.

මංගල උත්සවයේ මනාලයාගේ පියා රජයේ ඉහලම සේවකයෙකු ලෙස පසුගිය කාලයේ සිටි අයෙකු බවයි පැවසෙන්නේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now