මංගල ආරාධනා පත් බෙදා තිබිය දී මනාලිය නටපු නැටිල්ලකින් ප්‍රදේශයක් උණුසුම් වෙයි..

Sri Lanka Wedding Gossip Today
By Aruna Dec 16, 2022 05:56 AM GMT
Aruna

Aruna

Report

විවාහ මංගල උත්සවයේ මංගල ආරාධනා පත් බෙදා තිබිය දී මනාලිය අනියම් සැමියකු බව කියන නීතිඥයකු සමඟ සාප්පු සවාරි ගොස් ඇතිවූ ආරවුලක් නිසා දෙපාර්ශ්වයම පොලිසියට ගිය පුවතක් පාණදුර දකුණෙන් වාර්තා වනවා.

වාද්දුව ප්‍රදේශයේ 24 හැවිරිදි කාන්තාවක මගුල් කපුවෙකුගේ සහායෙන් රත්නපුර ප්‍රදේශයේ 26 හැවිරිදි තරුණයකු විවාහ යෝජනාවක් මත ලබන ජනවාරි මස විවාහ මංගල උත්සවය සඳහා දින නියම කර මංගල ආරාධනා පත් බෙදාදීම ද සිදුකර තිබී ඇත.

අදාළ කාන්තාව නීතිඥයකු සමඟ ඇසුරක් පවත්වන බවට ලද තොරතුරක් මත තරුණයා පාණදුර ප්‍රදේශයට පැමිණ තිබේ.

එහිදී විවාහ වීමට බලාපොරොත්තු වන කත නීතිඥයකු සමඟ පාණදුර නල්ලූරුව ප්‍රදේශයේ සුපිරි වෙළෙඳසලක සාප්පු සවාරි යමින් සිටියදී අතේ මාට්ටු වී ඇතැයි පොලිසිය කියයි.

එහිදී තරුණයා සිය හිතවතුන් පිරිසක් සහ කාන්තාවගේ මාපියන් ස්ථානයට කැඳවීමෙන් පසු දෙපාර්ශ්වය ම අතර උණුසුම් තත්ත්වයක් ඇතිව තිබෙන බව ද පොලිසිය කීය.

තමාට බොරු බලාපොරොත්තු දී නොමඟ යවා ඇති බවට තරුණයා පැමිණිලි කර ඇති බවත්, සුපිරි වෙළෙඳ සංකීර්ණයේ දී අයුතු අවරහිරයක් සිදුකළ බවට නීතිඥයා පැමිණිල්ලක් කර ඇතැයි ද උසස් පොලිස් නිලධාරීයෙක් කීය.

දෙපාර්ශ්වය ම පොලිසියට ගෙන්වා කරුණු පැහැදිලි කිරීමෙන් පසු පිටව ගිය බව සඳහන් වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now

ReeCha