මෙන්න වැඩක් මාලිමා ආණ්ඩුවට හොද කියන රවී කරුණානායක එනපොටනම් හොද නෑ
ශ්‍රී ලංකා වරාය අධිකාරිය හා ආදායම් දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණය කිරීමේ තීරණය ඉතා වැදගත් එකක් බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා සඳහන් කරයි.
ජනමාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු පැවසුවේ, තමන් 2015 වසරේ මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කළ අවස්ථාවේද රජයේ ආයතන ඩිජිටල්කරණය කිරීමට උත්සාහ දැරූ බවය.
කෙසේ වෙතත්, එවකට බලය හිමිකර සිටි ජනාධිපතිවරුන්ගෙන් එයට බාධා ලැබූ බවත්, ඔවුන් රජයේ සේවාවන් නවීකරණය කිරීමේ වැදගත්කම නොදැන සිටි බවත් මන්ත්‍රීවරයා පැවසීය.
ඔහු වැඩිදුරටත් පැවසුවේ, එවක්‍රියාවන්ට බාධා කළේ ජනාධිපතිවරුන් බවත්, අමාත්‍යවරුන්ට කටයුතු කිරීමට අවස්ථා ලබා නොදුන් බවත් ය.
මෙවැනි වැඩපිළිවෙලකට අගය කළ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඒ සඳහා සහය දැක්වූවද, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් එවන් අවස්ථාවක් හිමි නොවූ බවද මන්ත්‍රීවරයා අවධාරණය කළේය.
