දිවයින පුරා කාලගුණයෙන් හදිසි අනතුරු ඇඟවීමක් - ප්‍රදේශ රැසකට මි.මී. 100 ඉක්මවූ තද වැසි

Report

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවට කාලගුණ අනාවැකි පළ කර තිබේ. ඒ අනුව, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල, මාතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බව සඳහන් වේ.

හෙට දිනයේදී බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල, මාතර, පුත්තලම, මන්නාරම සහ යාපනය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.

දිවයිනේ සෙසු ප්‍රදේශවලට පස්වරු 1.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව පවතී.

එමෙන්ම, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල, මාතර, බදුල්ල, පොළොන්නරුව, ත්‍රිකුණාමලය සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ඉක්මවූ තරමක් තද වැසි ඇතිවිය හැකි බව ද අනාවැකියේ සඳහන් වේ

 ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවලදී තාවකාලික තද සුළං සහ අකුණු ඇතිවිය හැකි බැවින්, ඒවායින් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පූර්වාරක්ෂක පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියි.

විශේෂයෙන්ම, ගිගුරුම් සහිත වැසි පවතින අවස්ථාවල විවෘත ස්ථානවල රැඳී සිටීමෙන් සහ අකුණු අනතුරුවලට ලක්විය හැකි ස්ථානවල සිටීමෙන් වැළකී සිටීම වැදගත් වේ.

මේ අතර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ද ඇතිවිය හැකි බව සඳහන් වේ.

පළාත් 5කට සහ දිස්ත්‍රික්ක රැසකට කාලගුණයෙන් ඇම්බර් වර්ණ අනතුරු ඇඟවීමක් - ප්‍රබල අකුණු අනතුරක්

පළාත් 5කට සහ දිස්ත්‍රික්ක රැසකට කාලගුණයෙන් ඇම්බර් වර්ණ අනතුරු ඇඟවීමක් - ප්‍රබල අකුණු අනතුරක්

රුපියල තවදුරටත් අවප්‍රමාණය වෙයි -ප්‍රධාන බැංකුවල අලුත්ම විනිමය අනුපාත මෙන්න

රුපියල තවදුරටත් අවප්‍රමාණය වෙයි -ප්‍රධාන බැංකුවල අලුත්ම විනිමය අනුපාත මෙන්න

Gallery