සම්පත් බැංකු පාරිභෝගිකයින්ට හදිසි නිවේදනයක්

By Kanchana Oct 15, 2026 12:06 PM GMT
Report

 පරිගණක පද්ධති වැඩිදියුණු කිරීමේ කටයුතු හේතුවෙන් ඔක්තෝබර් 18 වැනි ඉරිදා අලුයම පැය හතරක කාලයක් සඳහා සේවා කිහිපයක් තාවකාලිකව අත්හිටුවන බව සම්පත් බැංකුව නිවේදනය කර තිබේ.

ඒ අනුව, 2026 ඔක්තෝබර් 18 වැනිදා අලුයම 12.30 සිට පෙරවරු 4.30 දක්වා පහත සඳහන් සේවාවන් තාවකාලිකව අක්‍රියව පවතිනු ඇත.

  •  සම්පත් බැංකුවේ ATM, CDM සහ CRM යන්ත්‍ර සේවා
  •  සම්පත් බැංකු ඩෙබිට් කාඩ්පත් භාවිතයෙන් සිදුකරන POS ගනුදෙනු
  •  CEFTS හරහා සිදුකරන මුදල් ලැබීම් සහ ගෙවීම් ගනුදෙනු
  •  Google Wallet ගනුදෙනු
  • WePay සේවාවන්

පාරිභෝගිකයන්ට වඩාත් උසස් හා කාර්යක්ෂම සේවාවක් සැපයීමේ අරමුණින් මෙම පද්ධති වැඩිදියුණු කිරීමේ කටයුතු සිදුකරන බව බැංකුව සඳහන් කරයි.

මෙම කාලසීමාව තුළ ඇතිවිය හැකි අපහසුතා පිළිබඳව අවධානය යොමු කරන ලෙස පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටින අතර, ඔවුන්ගේ සහයෝගය සහ විශ්වාසය වෙනුවෙන් සම්පත් බැංකුව සිය ස්තුතිය පළ කරයි.

රුපියල තවදුරටත් අවප්‍රමාණය වෙයි -ප්‍රධාන බැංකුවල අලුත්ම විනිමය අනුපාත මෙන්න

රුපියල තවදුරටත් අවප්‍රමාණය වෙයි -ප්‍රධාන බැංකුවල අලුත්ම විනිමය අනුපාත මෙන්න

Gallery