නුවරින් පටන් ගත් මහා සඟ රුවනේ පාද යාත්රාව කොළඹ දෙවනත් කරමින් ජනපති කුටිය දෙසට
බන්ධනාගාරගතව සිටින පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට සහාය පළ කිරීම සහ භික්ෂූන් වහන්සේලාගේ ආගමික අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම අරමුණු කරගනිමින් මහා සංඝරත්නයේ මූලිකත්වයෙන් ආරම්භ කළ පාද යාත්රාව අද (15) කොළඹට ළඟා වී තිබේ.
මේ වනවිට පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට ගමන් කරමින් පවතී.
මහනුවර ශ්රී දළදා මාලිගා පරිශ්රයේ පිහිටි වාරියපොළ ශ්රී සුමංගල හිමියන්ගේ ප්රතිමාව අසලින් පසුගිය 10 වැනිදා ආරම්භ වූ මෙම පාද යාත්රාවේ හයවැනි දිනය අදට යෙදී තිබේ.