රටේ කාලගුණය වෙනස් වෙයි - හදිසි අවවාදාත්මක නිවේදනයක්
By Ashfa
බස්නාහිර, සබරගමුව පළාත් සහ මාතර, ගාල්ල සහ පුත්තලම දිස්ත්රික්ක සඳහා තද වැසි සම්බන්ධයෙන් කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.
අද (15) ප.ව 03.00 නිකුත් කරන ලද මෙම නිවේදනය හෙට (16) ප.ව 03.00 දක්වා වලංගු වෙයි. දිවයින ආශ්රිත පහළ වායුගෝලයේ පවතින කැළඹිළි ස්වභාවය හේතුවෙන් දිවයින පුරා අහස වළාකුලින් බරව පවතින අතර, දිවයිනේ බොහෝ ප්රදේශවල වැසි හෝ ගිගුරුම් සහිතවැසි ඇති වේ.
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මාතර, ගාල්ල සහ පුත්තලම දිස්ත්රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 100ට වැඩි තද වැසි ඇති විය හැකි බව නිවේදනයේ සඳහන් වෙයි.