ඥානසාර හිමි වෙනුවෙන් මහ සඟරුවන ජනාධිපති ලේකම් කාර්යාලය අසලට - අවට දැඩි ආරක්ෂාවක්
By Mithu
බන්ධනාගාරගත කර සිටින පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලමින් සහ භික්ෂූන් වහන්සේලාගේ ආගමික අයිතිවාසිකම් වෙනුවෙන් මහා සංඝරත්නය ආරම්භ කළ ‘නිදහසේ පාද යාත්රාව’ අද (15) ජනාධිපති ලේකම් කාර්යාලය අසලට ළඟා වී තිබේ.
පසුගිය 10 වනදා මහනුවර ඓතිහාසික ශ්රී දළදා මාලිගා පරිශ්රයේ පිහිටි වාරියපොළ ශ්රී සුමංගල හිමියන්ගේ ප්රතිමාව අසලින් ආරම්භ වූ මෙම පාද යාත්රාවේ 6 වන දිනය වන අද දින කඩවතින් ගමන ආරම්භ කෙරිණි.
අනතුරුව කිරිබත්ගොඩ, පෑලියගොඩ, මාලිගාවත්ත සහ මරදාන හරහා පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට පැමිණ ඇත.