පළාත් 5කට සහ දිස්ත්‍රික්ක රැසකට කාලගුණයෙන් ඇම්බර් වර්ණ අනතුරු ඇඟවීමක් - ප්‍රබල අකුණු අනතුරක්

Report

උතුරු-මැද, නැගෙනහිර, මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලට මෙන්ම දිස්ත්‍රික්ක කිහිපයකට ප්‍රබල අකුණු ඇතිවීමේ අවදානමක් පවතින බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඇම්බර් (Amber) වර්ණ අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ.

අද  පෙරවරු 11.00ට නිකුත් කර ඇති මෙම නිවේදනය හෙට  අලුයම 1.00 දක්වා බලාත්මකව පවතින බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ අනුව, උතුරු-මැද, නැගෙනහිර, මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල ඇතැම් ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවීමේ හැකියාව පවතී. මීට අමතරව, කිලිනොච්චිය, මුලතිව්, වවුනියාව, ගම්පහ, කොළඹ සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවලට ද මෙම කාලගුණ තත්ත්වය බලපෑ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.

ගිගුරුම් සහිත වැසි පවතින අවස්ථාවලදී තාවකාලිකව ප්‍රබල සුළං ඇතිවීමේ හැකියාව ද පවතින බැවින් ජනතාව අවධානයෙන් පසුවිය යුතු බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පෙන්වා දෙයි.

අකුණු අනතුරු හේතුවෙන් සිදුවිය හැකි ජීවිත හා දේපළ හානි අවම කර ගැනීම සඳහා අවශ්‍ය පූර්වාරක්ෂක පියවර ගන්නා ලෙස ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටිනු ලබයි.

අද පළාත් රැසකට මි.මී. 75 ට වැඩි වැසි තත්ත්වයක් - 1න් පසු වෙන්න යන දේ ගැන නිවේදනයක්

අද පළාත් රැසකට මි.මී. 75 ට වැඩි වැසි තත්ත්වයක් - 1න් පසු වෙන්න යන දේ ගැන නිවේදනයක්

"බදු ගෙවන සියලු දෙනාගේ අවධානයට - 2025/2026 ආදායම් බදු වාර්තා දෙන්න තියෙන අවසන් දිනය මෙන්න

"බදු ගෙවන සියලු දෙනාගේ අවධානයට - 2025/2026 ආදායම් බදු වාර්තා දෙන්න තියෙන අවසන් දිනය මෙන්න

Gallery