ඉදිරි දිනවල ගිගුරුම් සහිත වැසි - පළාත් කිහිපයකට අනතුරු ඇඟවීමක්
Weather
Latest Headlines
Rain
Sinhala news
By Shehan
ඉදිරි දින කිහිපය තුළ උතුරු, උතුරුමැද, ඌව සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇතිවීමට හිතකර වායුගෝලීය තත්ත්වයන් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
උතුරුමැද, මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වල ප.ව. 1.00න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.
බස්නාහිර, සබරගමුව පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ස්වල්ප වැසි ඇතිවිය හැකිය.
දකුණු පළාතේ විටින් විට පැ.කි.මී. 40ක පමණ තද සුළං හැමීමේ හැකියාවක් ඇත.
ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං හා අකුණු නිසා සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පූර්වාරක්ෂාකාරී පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.
