ධීවර හා නාවික ප්‍රජාවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අනතුරු ඇඟවීමක්

Department of Meteorology Weather
By Wayomi Sep 06, 2024 03:34 AM GMT
Wayomi

Wayomi

Report

ගාල්ල සිට මාතර සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර 65 දක්වා සහ මන්නාරම සිට පුත්තලම සහ කොළඹ හරහා ගාල්ල දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර 55 දක්වා ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

ඒ හේතුවෙන් ධීවර හා නාවික ප්‍රජාවට අවධානයෙන් පසුවන ලෙසටයි එම දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා .

මේ අතර මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල සහ උතුර, උතුරුමැද සහ වයඹ පළාත්වලත්, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලට විටින් විට පැයට කිලෝමීටර 45 දක්වා තද සුළං ඇතිවිය හැකියි.

එමෙන්ම බස්නාහිර, සබරගමුව, වයඹ, ඌව පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල, මාතර, මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රිකවලත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.